මීගමුවේ අනවසර ඉදිකිරිම්වලට උඩගෙඩි දෙන PHI කව්ද ?

0
115

IMG-20201120-WA0017( 7.30 am ) ලංකාවේ අන්ත දුෂිත දේශපාලකයන් පමණක් නොව ඇතැම් රාජ්‍ය නිළධාරින්ද සිටින අංක එකේ නගරය බවට දැන් මීගමුව පත්වි හමාරය.
නගරාධිපති සහෝදරයාගේ මනාප මැතිවරණය වෙනුවෙන් මහජන බදු මුදල් රුපියල් කෝටි 7 ක් වියදම් කළ නගරාධිපති මල්ලි කෙනෙකු ලංකාවේද වෙනත් කිසිදු පළාත් පාලන ආයතනයක සිටිනවා දැයි අප නම් නොදනිමු.
එමෙන්ම මහජන බදු මුදල් රු කෝටි 7 ක් මනාප මැතිවරණයක් වෙනුවෙන් වැය කරද්දි මික් කියන්නට තරම් කොන්දක් නොතිබුන විපක්ෂයක් ලංකාවේ ඇත්තේද මිගමු මහනගර සභාවේම පමණි.
එපමණක් නොව මේ සා දැවැන්ත මුල්‍ය වංචා සිදුකරද්දි ඒවාට උඩ පැන පැන සහය පළකරන තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියක් සිටින එකම පළාත් පාලන ආයතනයද මිගමුව පමණක්ම වනු ඇත.
දැන් තවත් එකකි.
මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු දැන් අමුතුම තාලේ අමතර ආදයම් මාර්ගයක් වෙනුවෙන් බිස්නස් එකක් පටන් ගෙන ඇත,ඒ නිවාස සැලසුම් ඇද ඒවා පාස් කර දිම දක්වා සියළු වගකිම් භාරගනිමින් පැකේජ් එකක් ඉදිරිපත් කර ඇත.
ඈත පලාතක සිට පැමිණ ඉතාමත් කෙටි කාලයක් තුලදි ලොකු නිවසක් තනාගැනිමට තරම් වාසනාවත්ත වු මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු ලංකාවේ සිටි නම් ඒ මිගමුවේම පමණක් වනු ඇත.
පසුගිය දිනක අප විසින් හෙලිදරව් කරන්නට යෙදුන අතැම් අනවසර ඉදිකිරිම් පිටුපසද මේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සිටින බවට රාවයක් පවති.
රටේම වැඩිම අවදානමක් ගෙන කටයුතු කරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අතර සිය දේශපාලන හාම්පුතා වෙනුවෙන් නගරයේ කඩවලට ගොස් සැනිටයිසර් බෝතල් එකතු කරදෙන මහජන සෞඛ්‍ය පරක්ෂකවරයෙකු සිටි නම් ඒත් මිගමුවේම පමණි.
අවදානම් ගෙන වැඩකරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කැපකිරිම් හෑල්ලුවට ලක්කරමින් දේශපාලන අධිකාරියට  කඩේ යමින් වෘත්තිය ගරුත්වය බල්ලට දැමු අය සිටි නම් ඒද මිගමුවේ පමණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here