මීගමුවේ අඹ යහළුවන් දෙදෙනා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිටත්ව යති.

0
68

සතුට වනු තමන්ගේ අඹ යහලුවාද සමගින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්විමට ලැබිම යැයි මීගමුවේ සුපිරි ක්‍රිකට් තරුවක් ඔහුගේ මුහුණු පොතේ සටහන් තබා තිබුණි.
ඒ පාසැල්වියේ පටන් මිතුරන් වු දසුන් ශානකත් දුෂ්මන්ත චමීරටත් ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්විමට හැකිව තිබිම ගැන මුහුණු පොතට එක් කොට තිබුණ අයුරුය.
ඇත්තට ඔවුන් අඹ යහලුවන්ය.
බොහෝ විට ඔවුන් දෙදෙනාම සිටින්නේ එකටමය.
හරිස්චන්ද්‍ර විදුහලට මෙන්ම ශා පිතර විදුහලටත් මේ අඹයහලුවන්ගේ ක්‍රිකට් වික්‍රමයන් ගැන ඇත්තේ උපරිම අභිමනයක් බව පාසැල් මුහුණු පොතේ පිටු අතර යද්දි නිබදව සිහිවුණි.
එමෙන්ම මේ දෙදෙනාම මාරිස්ටෙලා විදුහල නියෝජනය කරමින් දැක්වු දස්කම් ගැන මීගමුවේ සියළුම පාසැල් වලට ඇත්තේ අභිමානයකි.
ලෝක කුසලානයක් සදහා පිටත් වු 15 දෙනෙකුගෙන් සංචිතයක මීගමුවෙන්ම දෙදෙනෙක් යන්න මීගමුවේ සැමට නම් කොයිතරම් නම් ආඩම්බරයක්ද ?
එහෙන්ම ලෝක කුසලානටය තරග වදින කණ්ඩායමේ 11 දෙනා අතුරෙන් මීගමුවේ ක්‍රිඩකයන් දැනටමත් පෙන්වා ඇති දස්කම් කොයිතරම් නම් සුපිරිද ?
බංගලාදේශයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දුෂ්මන්ත චමීර සහ දසුන් චානක ඇතුළු ශ්‍රි ලංකා පිළ ඊයේ දිවයිනෙන් පිටත්ව ගියහ.
www.meepura.com වෙතින් සුභපැතුම් !
sl teamමී
dasun chamidasun a n chamidassa and teamchamirachamiradasun1 1chamira 100