මීගමුවේ අයවැය පරද්දන්න ඇමැතිවරයෙක්ගෙන් ලක්ෂ 5 ක අල්ලසක් ?

0
95

m

මීගමුව මහනගර සභාවේ අයවැය 2013 දෙසැ 10 වනදා පැවැත්විමට නියමිත අයවැය පරාජය කිරිම සදහා ඇමති නිමල් ලංසා විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමේ එජාප මන්ත්‍රිවරයෙක් සදහා වන ලංසුව රු ලක්ෂ 5ක් වන බවට රාවයක් මීගමුව පුරා පැතිර යමින් තිබේ.
9 දෙනෙකුගෙන් යුත් එජාප මන්ත්‍රි කණ්ඩායමේ කිප දෙනෙකු වෙතම මෙසේ ලංසු ඉදිරිපත්ව ඇතැයිද වාර්ථා වේ.
දැනට නගරාධිපතිධුරය දරන ඇන්ටනි ජයවීර හා ඇමැති නිමල් ලංසා  අතර මතුව ඇති විරසකය සහ ඇමති ලංසාගේ ඕනෑ එපාකම් සියල්ල නොපිරි හෙලා ඉටුකරනු ලබන අයෙක් පත්කරගැනිම සදහා මේ  මෙහෙයුම ක්‍රියාත්මක බව සැලය.