මීගමුවේ අරගලය නිසා දෙයියන්ටත් වැටුන ඉබ්බා ….

0
352

ගෝඨා ඇතුළු රාජපක්ෂ නඩය පළවා හැරිම සදහා රටපුරා පැනැ නැගුන ජනතා අරගලයට සමගාමිව මිගමුව නගරයේදි අඛණ්ඩව ක්‍රියාත්මක වු විරෝධතාවයක් පැවැතිණි.

එය මිගමුව තෙල්වත්ත හංදියේ සුරුවම අසල 24 පැයම රැදි සිටි අරගල බිමක් ලෙසින් දින 100 කටත් වඩා කාලයක් පැවැතිණි.

එහිදි විවිධ හමුවිම් . සාකච්ජා පැවැත්විමට යොදා ගනු ලැබ තිබුනේ නගර සභා බිමේ ඉදිකර තිබුන මණ්ඩපයයි.

අරගලයේ අට්ටාල දින 100 කට පසු ගැලවුණි. ඉතිරි ඒවා පොලිසිය විසින් බලෙන්ම ගලවා ගෙන ගොස් තිබුණි.කෙසේ වෙතත් දැන් සුරුවම සහිත මණ්ඩපයට කිසිවෙකුටත් ඇතුල් විය නොහැකි අයුරින් ඉබ්බෙකු දමා තිබේ.

අරගලය පැවැති දිනවලත් දිවා රැ නොබලා එතනට පැමිණ සැදැහැවතුන් යැදුම් කළහ. දැන් මේ ඉබ්බන් දමා අවහිර කර ඇත්තේ ඒ සැදැහැවතුන්ගේ අයිතියයි.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here