ආගමික උත්සව සඳහා අනාරක්ෂිත විදුලි සැරසිලි ?????

0
355
නිවෙස් ඉදිරිපිටින් වයර් ඇද ඇති අන්දම

dav

මීගමුවේ විවිධ ආගමික උත්සවයන් සදහා විදුලි සැරසිලි භාවිතා කිරිම අද පුරුද්දක්ව පවති.පල්ලිවල මෙන්ම පන්සල් වලදිද අනෙක් ආගම් විසින්ද මෙසේ කටයුතු කරනු දැක තිබේ.
එහෙත් ගැටළුව වි ඇත්තේ මෙහිදි ඔවුන් විසින් ආරක්ෂිත ක්‍රම යොදාගෙන තිබේද යන්න ගැනය.

එකි ආගමික උත්සවයන්ගේ අසිරිය වෙනුවෙන් වු අලංකරණය ගැන අපට කිසිදු ප්‍රශ්ණයක් නැත්තේමය. එහි වියදම් ගැනද අපට ගැටළු නැත්තේමය.( මිතොටමුල්ල ඛේදවාචකය /මීගමුව රෝහලේ පහසුකම් නැතිකම නිසා  ඩෙංගු රෝගින් මිය යාම ගැන කරුණු සලකා බැලිම සුදුසුවිය හැක)
එහෙත් මෙහි ඇති ගැටළුව වන්නේ මේ බොහොමයක් තැන්වල විදුලි වයර ඇද තිබෙන්නේ ඉතාමත් අනාරක්ෂිත ලෙසය.

නිවෙස් ඉදිරිපිටින් වයර් ඇද ඇති අන්දම
නිවෙස් ඉදිරිපිටින් වයර් ඇද ඇති අන්දම

dav
නිවෙස් ඉදිරිපිටින් කිසිදු ආරක්ෂිත ආවරණයන් රහිතව මේ වයර ඇද ඇති අයුරු දක්නට ලැබුණි.
මේ කොන්ත්‍රාත්තුව භාරගෙන ඇති අය විසින් මෙහි සේවය සදහා යොදවා ඇති කම්රුවන් ඊයේ දිනයේ කටයුතු කළ ආකාරය නිරික්ෂණය කල විටද පෙනි ගියේ ආරක්ෂාව පිළිබදව කිසිදු තැකිමක් නොතිබුණ බවය.
කොන්ත්‍රාත්කරුවෙකු වැඩියෙන්ම කල්පනා කරනුයේ ඔහුගේ ලාභය උපරිම වන අයුරින් කටයුුතු සැලසුම්කරගැනිමටය.එනම් හැකිතාක් වියදම් අඩුකරගැනිමටය.
මීට මාස කිපයකට ඉහතදි කළුතර ප්‍රදේශයේ බෝට්ටු මංගල්‍යයකට ආනාරක්ෂිතව එක්ව සිටි සදැහැවතුන් පිරිසකට ජිවත වලින්ම වන්දි ගෙවන්නට සිදුව තිබුන අතර කාර්දිනල් හිමි පසුව කියා තිබුනේ මින් ඉදිරියට බෝට්ටු මංගල්‍ය පිළිබදව තිරණයක් ගතයුතුව තිබෙන බවය.
අපේ රටේ තින්දු ගන්නේත් නිති පනවන්නෙත් බේදචාවක වලින් පසුවය.
ජනවහරේ කියන්නේ කෙළවා ගෙන ඉගන ගන්නවා කියාය.
එහෙත් අපේ රටේ නම් කෙළවාගෙන වත් ඉගෙන ගන්නේ නැති බවට  දැන් ඇති තරම් උදාහරණ තිබේ.
මෙසේ විදුලි වයර බිම දිගේ ඇදිම පිළිබදව අදාල කොන්ත්‍රාත්කරු අදාල නිසි බලධාරින්ගෙන් අවසර ගෙන තිබේද?
ආරක්ෂිත ආවරණයක් රහිතව මෙසේ බිම දිගේ විදුලි වයර ඇදිම ගැටළුවක් නැතිබවට අදාල බලධාරින් විසින් අනුමැතියක් දි ඇතිද?
අවාසනාවකට හෝ කිසියම් අනතුරක් සිදුවුවහොත් එහිදි ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු අකාරය ගැන මේ ප්‍රදේවාසින් නිවැසියන් දැනුවත් කර ඇතිද ???
මෙවන් සැරසිලි වලදි අඩු වෝල්ටීයතාවයකින් යුත් ජිවිත හානිවලට බලනොපාන විදුලි බුබුලු පරිහරණය ගැන අදාල විදුලි සැරසිලි කොන්ත්‍රාත්කරුවන් සැලකිල්ලට නොගත යුතුද ?
මේ සැරසිලි සදහා විදුලිය ලබාගෙන ඇත්තේ ආරක්ෂිත ක්‍රම වලින්ද ? නිවෙස්වලින් නම් ඒවායේ ආරක්ෂිත පරිපථ ක්‍රියාත්මකද ?