මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් පිල් බෙදෙයි?

0
61

NMC-7මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි මණ්ඩලය යළිත් දෙකඩ වි ඇතැයි ශ්‍රි ලනිප ජේෂ්ඨයෙකු මීපුරට පවසා සිටියේය.
ඇමති නිමල් ලංසා සහ ඇමති සරත් ගුණරත්න අතර මතුව ඇති මරාන්තික විරසකය හේතු කොට ගෙන දැන් එය බරපතල තත්වයකට පත්ව ඇත.
මෙවර ඌව පළාත් සභා මැතිවරණ කටයුතු සදහා මීගමුවේ නගාරික මන්ත්‍රි මණ්ඩලය වෙත වැල්ලවාය ආසනය  ලබා දි තිබුණද ඇමති ලංසා විසින් මන්ත්‍රි මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන් සදහා ඇරයුම් කර ඇත්තේ තමන් සමඟින් බදුල්ලේ මැතිවරණ කටයුතු සදහා සම්බන්ධ වෙන ලෙසය..
එහෙත් පක්ෂයේ ජේෂ්ඨ මන්ත්‍රිවරුන් රැසක් ඇමති ලංසාගේ ඉල්ලිම ඉවත ලමින් තමන් වෙත පක්ෂය විසින් පවරා දි ඇති වැල්ලවායේ මැතිවරණ කටයුතු වල නියැලෙන බව දැනගන්නට ඇත.