මීගමුවේ ආණ්ඩු පක්ෂයේ පැහැදිලි පිල් 2 කක්

0
65

පළාත් පාලන මැතිවරණයෙන් පසු මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂය තුල පැහැදිලි පිල් දෙකක් කරට කර තත්වයකට පත්ව තිබේ.මෙවර මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කරමින් අමාත්‍ය නිමල් ලංසා පවසා සිටයේ මෙවර මැතිවරණයෙන් පසු මීගමුව සංවිධායක ඇමැති සරත් ගුණරත්නගේ  අපෙක්ෂයන් පත්වනු ඇත්තේ දෙදෙනෙකු පමණක් බවය.එහෙත් දැන් තත්වය වෙනස්ය.  ආණ්ඩු පක්ෂයේ 16 දෙනෙකුගෙන් යුත් නගාරික මන්ත්‍රිවරුන් ලංසා පිළ සහ සරත් පිළ අතර සම සමසේ බෙදි ගොස් ඇත.කෙසේ වෙතත් නගරාධිපතිධුරය ලංසා පිළ වෙත යාම වලක්වා ගැනිමට සරත් පිළ අපොහොසත් විය.