මීගමුවේ ආරක්ෂාව අනතුරේ.?

0
60

SPමීගමුව නගරයේ ආරක්ෂාව දිනෙන් දිනම අර්බුදයට යමින් තිබේ.මේ වසරේ පෙබරවාරි 22 වනදායින් ඇරඹි නගරයේ මිටර් 200 ක තරම් දුර ප්‍රමාණයක් තුල  පිහිටා ඇති ස්වර්ණාභරණ අලෙවි සැල් කීයක් නම් මේවන විට කොල්ල කන්නට ඇතිද ?
මේ සදහා ආරක්ෂාවට යැයි කියමින් ව්‍යාපාරික ප්‍රජාවගෙන් මුදල් අයකර ක්‍රියාත්මක කර මින් ඇති උකුස්සා ආරක්ෂක සේවය රාත්‍රි කාලය තුල ක්‍රියාත්මක නොවන පසුබිමක දැන් මේ මංකොල්ල කරුවන් මැදියම සිය දඩයම් සදහා සක්මන් කරන්නට පටන්ගෙනය.
ඊයේ අලුයම සිදුව ඇති කොල්ලය මේ මැදියමේ කොල්ලකරුවන්ගේ තවත් ජයග්‍රහණයක් ව තිබේ.
මේ අතර මෑතකදි ත්‍රිරෝද රථ වලින් පැමිණ ද්‍රවිඩ කාන්තාවන් ඉලක්කකරගෙන සිදුවෙමින් ඇති සැලසුම් ගත මංකොල්ලයක තොරතුරුද අප දැනටමත් හෙළි කර ඇත්තෙමු.
මේ අනුව බලන මීගමුව පොලිස් අධිකාරිකාර්යාලය විසින් මේ වර්ධනය වෙමින් ඇති තත්වය පාලනය කිරිම සදහා සැලසුම්ගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැති බවත් මීට පෙර කාලයන්හි මේ වගකිම ඉටුකළ ඇතැම් දක්ෂ නිලධාරින් වැනි අයගේ සේවය මීගමුවට යළිත් තදින්ම දැනෙන්නේ යැයි මීගමුව ගැන උනන්දුවෙන් පසුවන බුද්ධිමත් ජනයාගේ මතය වි තිබේ.