spot_img
spot_img
Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ඉඩම් ලංසා පවුලේ බූදලයක්ද ? සා.මරියා ආදි ශිෂ්‍ය කාර්යාල ගොඩනැගිල්ල නීති විරෝධියි ?

Must read

( 2.30 pm ) ඉඩම් භාවිතය ගැන වගකිමක් දරන නිළයක් සෑම දිස්ත්‍රික්කයටම වේ.නගරයක ප්‍රසස්ත ඉඩම් භාවිතාව ගැන තින්දු ගතයුතුව ඇත්තේ ඒ නගරයේ අනාගතය අවශ්‍යතාවන් පවා විග්‍රහකරගනිමින් ඒ සියල්ලට අනුරුප වන සේය.

එහෙත් මීගමුව තුල ඉඩම් භාවිතාව සිදුව තිබුනේ නගරයක අවශ්‍යතාවය මත සිදුවන්නක ලෙසින් නොව ලංසා පවුලේ මනාපය මත සිදුව තිබුණ තත්වයකට අනුවය.

වැල්ලේ කඩයක් දාගැනිමට ඇවැසි වු විට වැල්ලේ වෙරළ සංසරක්ෂණ නීති බල්ලාට දමා වෙරළ සංසරක්ෂණයේ කැමැත්ත ඇතුව හෝ නැතිව කොළඹින්ම අවසර ගෙන වැල්ල ලංසා පවුලේ හෙංචයියන්ට අවැසි සේ පාලනය කිරිමට ඉඩ ලබා දුණි.

එමෙන්ම ශා.මරියා විදුහලේ ආදි සිසුන්ට තමන්ගේ උවමනාවන් සදහා ගොඩනැගිල්ලක් හදාගන්නට ඇවැසි වු විට ඔවුන් කරන්නේ දයාන් ලංසා සොයා යෑමය. කතෝලික සභාව පවා අසරණභාවයට ලැජ්ජාවට පත්කළ පියතුමෙකු විදුහල්ති ලෙසින් සිටියේය.
ඔහු රාජපක්ෂලාගේ මෙන්ම ලංසා පවුලේද ගජයෙකි.

මේ සියළු සම්බන්ධකම් හරහා කාමච්චෝඩේ ,නගරය සභාව සතු ඉඩමක් සා.මරියා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයට දැවැන්ත තට්ටු ගොඩනැගිල්ලක් හදා ගැනිමට අවසර ලබා දි තිබුණි.

මේ ආදි සිසු ලොක්කෝ පවා කල්පනා කරන්නට ඇත්තේ මිගමුව තුල සදාකාලිකව ලංසා පවුලේ බලය පවතිනවා යැයි කියා විය යුතුය.
එහෙත් දැන් සියල්ල වෙනස් වි තිබේ.

දැනගන්නට ඇති පරිදි මෙම ඉඩම ඉංග්‍රීසි ආණ්ඩු කාලය තුල ලැබුන පරිත්‍යාගක් බව සැලය.

එවන් පරිත්‍යාග බදු දිමට හෝ විකිණිමට ජනාධිපතිගේ අවසරය තිබිය යුතු බව මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු මිපුරට කියා සිටියේය.

ඉතා පැහැදිලිව නිතියට පිටින් යමින් මෙම පොදු දේපල සා.මරියා විදුහලේ මේ ගොඩනැගිල්ල ඉදිකිරිමට ලබා දි තිබේ.

නීතියට උඩින් කිසිවක් නැතැයි කි ජනාධිපතිවරයෙකුගේ පාලනය යටතේ පවතින ලංකාව තුල ලංසාගේ හිතුමනාපෙට පසුගිය දශකයකටත් වඩා වැඩි කාලයක් තුලදි ලබා දි තිබුණ සියළු ඉඩම් යළිත් වරක් මිගමුවේ මහජන දේපල ලෙසින් යළිත් අත්පත් කරගත යුතුව තිබේ.

එහෙත් මිගමුවේ අභාග්‍ය වි ඇත්තේ කිසිදු පුරවැසි සංවිධානයක් හෝ දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ අනිතික ක්‍රියා වලට එරෙහිව ඉදිරියට නොපැමිණිමයි

ජාතික ජන බලවේගයේ මිගමුව නායකයන් මේ නගරයේ සිදුව ඇති සකලාකාර වංචා දුෂණ වලට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මකක කිරිමට පෙරමුණ ගන්නේ කවදාදැයි අප බලා සිටිමු. එපමණක් නොව කතෝලික සභාව පවා මේ සකලාකාර නිති විරෝධි ක්‍රියාවලට එරෙහිව ඉදිරියට එනවා වෙනුවට කර ඇත්තේ ඒවාට උඩ ගෙඩි දිමය. සා.මරියා විදුහලේ සිටි කුප්‍රකට විදුහල්පති පියතුමා මෙයට කදිම නිදසුනයි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article