මීගමුවේ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟය …?

0
142

 

 

 

පසුගිය ගිය දින කිපය පුරාම මිගමුවේ සහ අවට ඉන්ධන පිරවුම් හල් අසල දිගු පොලිම් දක්කනට ලැබුණි. විශේෂයෙන් දින කිපයක් පුරා පැවැති ඩිසල් හිගය හේතුවෙන් මිගමුවේ සහ අවට IOC ඉන්දන පිරවුම් හල් අසල දිගු පෝලිම් ක්‍රියාත්මකව තිබුනේ ඒවා හරහා ඩිසල් බෙදා හැරිමට ඊයේ පටන් ගෙන තිබුණ නිසාය.

ඒ් මීගමුව ඔරලෝසු කණුව අසල පිහිටි IOC ඉන්ධන පිරවුම්හලේ ඩීසල් බෙදා හැරීම සිදු කෙරුණ අතර මේ හේතුවෙන්  දිගු පෝලිමක් ද දක්නට තිබුණි.
ඇතුමුන් ඩීසල් ලබා ගැනීමට ප්ලාස්ටික කැන් රැගෙන පැමිණ තිබුන අතර  වාහන විශාල ප්‍රමාණයක් ද පෝලිමේ සිටිනු දක්නට ලැබිණි.
එහිදී ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු සහ  ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස අතර ආරවුලක් ඇති තිබුණ  කළමනාකරු පැමිණ සිටි අයට පැවසුවේ ඉන්ධන සැපයීම නවත්වන බවයි.
ඒ් සමගින් ම ඇතිව තිබුන නොසන්සුන්තාවයක් වාර්තා කරමින් සිටි සිරස මාධ්‍යවේදි ඒම්.ඉසෙඩ් සහජාන් හට ඉන්දන පිරවුම් හලේ කළමනාකරුගෙන්ද බාධාවන් ඒල්ල වු බව අප කළ විමසුමකදි කියා සිටියේ . වාර්තා කරමින් සිටි ඔහුගේ  කැමරාව ඉවත් කරන්න ගත් උත්සාහක් ගැනද මාධ්‍යවේදි සහජාන් මිපුර වෙබ් අඩවියට කියා සිටියේය.
ඒම්.ඉසෙඩ් සහාජාන්