මීගමුවේ කතෝලික පාසැල් වල walk සන්නිය තවදුර යයිද??

0
300

dancejohn sirsunil sirDANCE 2peters 1peters 2peters 3” මොකක්ද මචං මේ ?පොඩි එව්වොත් හරියට කපපු පනුවෝ වගේ දඟලන මේ පෙළපාලිය. ”
මාත් එක්ක තේ එකක් බොමින් හිටපු යාළුවෙක් මගෙන් ඇහැව්වේ සෙන්ට් පිටර්ස් එකේ වෝක් එක දැකල……
මචං සල්ලි හොයන්න කියල තමයි කරන්නේ ටිෂර්ට් කැප් සහ ටිකට් එකට රු 2000 ක් යනවා.
ඉතින් මචං ඔය යන හැම කෙනෙක්ම රු 2000 ක් දිලද යන්නේ??
මගේ යාළුවගෙන් ප්‍රශ්න වැලක්????
ජාමේ බේරගන්න ඕන නිසා අවුලක් නොවෙන උත්තර කිපයක් දුන්නත් ඒ යාළුවා අහපු ප්‍රශ්ණ ටික අපි උත්තර හොයන්න ඔනේ …
මොඩර්න් දේවල් එක්ක අපි යන්න ඕනේ එකේ දෙකක් නෑ. ඒත් දැන් මේ සිද්ද වෙන දේවල් දිහා බලපුවාම හිතෙන්නේ කද ඩිජිටල් ඔළුව කචල් වගේ දේවල්,,,
දරුවන්ට දැනුම දිමට අදාලව සහ ඒ අය ශික්ෂණය කිරිමට අදාලව නුතන සමාජයේ දෙවල් එක්ක ඉස්සරහට යන ගුරු භවතුන් ඉන්නේ කියෙන් කිදෙනෙක්ද ??
මේ මුළු පාගමනත් ඒකෙ පින්තුර අන්තර් ගතයෙන්   බැලුවහමත් පෙනුනේ  අර එදා රැසියානු සමාජය කියපු හොඳම දේ දරුවන්ටයි කියන කියමන අපි මේ පාගමනේද කොහෙද දැක්කේ කියල.
අපි දන්නව මේ වැඩේ ගැන ඉස්කෝලේ ඇතුලේ ගුරුවරු අතරත් නොඑකඟතා ගොන්නක් තියෙනවා.කොහොම උනත් මේකේ ආරම්භක අවස්ථාවට මම දැක්ක සේන්ට් පිටර්ස් ඒක අද ඔය තියෙන තත්වෙට ගේන්න මුල් චේච්ච ජොන් සර්වත් ප්‍රධාන ආරාධිතයෙක් හැටියට ගෙනල්ල තිබුන .
හැබැයි ඒක නම් එල…
.එත් එතුමට ඇත්තටම මොකද දන්නේ නැ හිතුනේ.මේ පෙරහැර දැකල???
අපි දැක්ක කුමාරතුංග මුනිදාසයන්ගේ පින්තුරෙකුත් අරන් ලමුයි  පාගමනේ යනවා.
තවත් බෙරකාරයෝ සහ නලා කාරයෝ හැබැයි ඒත වැඩි තැනක් අර දගර නැටුම් වගේ විච්චුර්ණ වලට ,,,,
කොණ්ඩ ටින්ට් කරපු තරුණයෝ වාහනවල නැගගෙන නටපු පිස්සුවක්…..
මචං හරිස්චන්දු ස්කෝලෙටත් මේවා බොවේයිද??
යාළුවගේ අනිත් ප්‍රශ්ණෙ ?
මීගමුවේ මේ සන්නිය වැලදුනේ නැති කතෝලික ඉස්කෝල තියෙන් නේ මාරිස්ටෙලා සහ සෙන්ට්  මේරිස් කියන තැන් විතරයි.
ගැණු ඉස්කෝල වලට තමයි මුලින්ම වැළදුනේ ….
ඇත්තටම මේකෙ ඇත්ත උවමනාව මොකද්ද ?
සල්ලි හොයන එකද?
නැතිනම් ඉස්කෝලේ ජනප්‍රිය කරගන්න එකද ?
මේ අරමුණු කෙසේ වෙතත් මේ මුළු ක්‍රියාවලියම සැකසිලා තියෙන විදිය අනුව පේන එක කරුණක් තියෙනවා.
අපි දරුවන්ට දිය යුතු සමාජ හර පද්ධතියක මුලික ලක්ෂන මේ වෝක් වැඩේ අස්සේ තියෙනවද?
පෙරහැරේ තිබුනේ සාමාන්‍යයෙන් ඉස්කෝලේ පාසැල් රැස්විමේදි විදුහල්පතිලා විරුද්ධ වෙනම  දේවල් .ඒ විතරක්ද රැ තිබුන සංදර්ශනේට ආවේ කව්ද ?
භාතිය සහ සන්තුෂ් ඒ වගේම ඩැඩි,,,,,,,
ඒ කියන්නේ අපි පාසැලේ දරුවන්ට පොළඹවන්නේ එවන් සමාජ හරපද්ධතින් වැළද ගන්න කියන එකද?
නෑ මචං ඔතන තියෙන්නේ පිනාගේ අන්‍යන්‍යතා අර්බුදයක් .
කලින් හිටපු පින්සිපල් ඔය වගේ දේවල් කරන්න ඉඩ දුන්නේ නෑ.
අළුත් කෙනා හිතන්න ඇති තමුන් ආපු ගමන්ම මේ වගේ FUN වැඩක් කරපුවාම මනුස්සය බුදු ජනප්‍රිය වෙයි කියල…
එත් මචං මේ ලෙඩ වැඩියෙන්ම පැතිරිලා යන්නේ උඹලගේ කතෝලික ඉස්කෝල වලනේ.
මගේ යාළුව දාපු අභියෝගේ ප්‍රබලයි.
ඒත් මචං මාරිස්ටෙලා එකේ විදුහල්පති සහෝදරතුමා ඒ ඉස්කෝලේ දරුවන්ටයි දෙමව්පියන්ටයි ජයතිලක බණ්ඩාර ඇතුළු රජරට සේවයේ කළාකරුවෝ ගෙනත් දවස් ගානක ගි රසවින්දන වැඩසටහනක් කළා.
ඒක හරිම සාර්ථකයි.
එතකොට මචං ප්‍රශ්ණෙ කතෝලික ඉස්කෝල කියන එකම නේමේ.
එහෙනම්
අනන්‍යතා අර්බුදයක්?
කාගේද?
ඉස්කෝලේද නැතිනම් විදුහල්පතිගෙද ?
මේකට පිළිතුරු හොයන්න අපි භාරකරන්නේ අපේ පාඨකයන්ට .
මේ ලිපිය ඒකට ඉඩ විවර කිරිමක් ,,,

ජෙරාඩ් ලියනආරච්චි