මීගමුවේ කතෝලික සභාව සහ ලංසා පවුල ?

0
106

fish marketමීගමුවේ ලංසා පවුල යනු මෑත ඉතිහාසය තුල වැඩියෙන්ම කලු සල්ලි ඉපැයු මීගමුවේ පවුල යන්න ගැන කිසිවෙකුටත් සැකයක් තිබෙන්නට පුලුවන්කමක් නැත.
එමෙන්ම ඒ පවුලට අයත් එක් එක් අයවලුන් වෙත මුළු මීගමුව දන්නා ප්‍රසිද්ධ චෝදනා ගැනද මීගමුවේ සාමාන්‍ය දේශපාලන උනන්දුවක් ඇති හැමකෙනෙකුම දන්නා කරුණකි.
මීගමුවට සම්බන්ධ සමාජ විරෝධි ක්‍රියාකාරම් රැසක් හා වැඩියෙන්ම බැදුන නම ඇත්තේ ලංසා පවුලේ අයවලුන් වෙතය.
මීගමුවේ කාන්තාවන් 1000 ක් පමණ රැස්ව සිටි අවස්ථාවක මීගමුව එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු විසින් මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා වෙත බරපතල චෝදනාවක් එල්ල කර සිටියේය.roies with pic of a women
එනම් මීට වසර කිපයකට ඉහතදි එක්තරා රූමත් කාන්තාවකට ඇසිඩ් ප්‍රහායරක් එල්ල කිරිම පිළිබදවය.
මෙම රැස්විමේදි රොයිස් විජිත ප්‍රනාන්දු මන්ත්‍රිවරයා විසින් අදාල තරුණියගේ ඡායාරූපයන්ද ප්‍රසිද්ධයේ පෙන්වා දෙමින් සිදුකරන්නට යෙදුන ප්‍රකාශය ඉතා බරපතලය.
මේ සිදුවිම මීගමුව තුල වඩාත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රබලම එකකි.
ඊට නම ගෑවි ඇත්තේ දයාන් ලංසාගේය.
එමෙන්ම රෙමෝනා ලංසා නම්වු එජාප නාගරික මන්ත්‍රිවරය පසුගිය දිනක නගරාධිපති නිළ කාමරයේදි දයාන් ලංසාලට විරෝධය පළකරමින් බරපතල ප්‍රකාශයක් කරන්නට යෙදුනි.
ඒ කේරල ගංජා මීගමුවට එනවිදියත් එය බෙදාහැරෙන විදියත් ගැනය.
ඒ ගැන තමන් දන්නා දේවල් කියන්නට ඉඩනොතබන ලෙසද ඇය විසින් ලංසා පවුලට එහිදි අභියෝග කර තිබුණි.
රජයේ ප්‍රතිපාදන යටතේ ඉදිකරන්නට යෙදුන මීගමුව මාළු වෙළද සංකීර්ණය රාජ්‍ය මුල්‍ය රෙගුලාසිවලටද පටහැනිව වැල්ලවිදියේ බුදලයක් ලෙසින් භුක්තිවිදිමින් එය වසර ගණනාවකට ඇමති නිමල් ලංසාගේ පියා වෙත ටෙන්ඩර මගින් ලබා දි තිබුණි.
එපමණක් නොව අද මීගමුවේ සුපිරි පන්තියේ හෝටල් මිළට ගැනිමටත් ඒවැනි හෝටල් හදන්නටත් ඇමති නිමල් ලංසා වෙත මුදල් ලැබුනේ කෙසේදැයි මීගමුවේ බහුතරයක් කතෝලික පියතුමන්ලා දනි.
මේ ගැන වැඩියෙන්ම දන්නා පිරිස වන්නේ මීගමුවේ කතෝලික පියතුමන්ලා සහා කිතුණු ප්‍රජාවන් හි සිටින නායක නායිකාවන් බවට විවාදයක්ද නැත.
තතු එසේව තිබියදි පසුගිය මහසභා රැස්විමට නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින් යෝජනා දෙකක් ඉදිරිපත් කර තිබුණි.
ඉන් එකක් වන්නේ එකක් වන්නේ දුම්රිය ස්තානයේ ඇති ප්‍රතිමාව අලුත් වැඩියා කිරිම සදහා උදව් ඉල්ලිමින් තිල්ලන්දුව පල්ලියේ පියතුමා විසින් ඉදිරිපත් කර ඇති ලිපියකි.
අනික වන්නේ පුංචි රෝමය ආරක්ෂා කිරිම සදහා වු යෝජනාවකි.එයට අනුව මීගමුව ප්‍රදේශයේ ආගමික ආරක්ෂාව හා රැකගැනිම තහවුරු කරගැනිම සදහා මීගමුවේ කතෝලික පියතුමන්ලා විසින් දායන් ලංසා නියෝජ්‍ය නගරාධිපතිවරයා වෙත එවා ඇති ලිපියකි.ඉන් ඉල්ලා ඇත්තේ පුංචි රෝමය ආරක්ෂා කරගැනිම සදහා නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ මුදුනතෙහි ශාන්ත මරිය දේවමැණියන්ගේ ප්‍රතිමාවක් කෙලින් විදියට මුහුණ ලා ඉදිකරන ලෙස කරන ලද ඉල්ලිමකි.
මේ අතර ලෝකයේ සමස්ථ කතෝලික සභාව වෙත වරක් පාප්තුමා ප්‍රබල ප්‍රකාශක් කර තිබුණි.,
එනම් අයථා මාර්ගවලින් මුදල් හරි හම්බකරගත් අයගෙන් හෝ එවැනි කලු සල්ලි කිසිසේත්ම කිතුණු සභාවේ දේවල් සදහා යොදා නොගන්නා ලෙසය.
මීගමුවේ දැන් මේ සිදුවෙමින් ඇති දේවල් ගැන මීගමුවේ බුද්ධිමත් කතෝලිකයන්ගේ දැනගැනිම පිණිස පමණක් මේ සටහන තබන්නට අප කල්පනා කලෙමු.