මීගමුවේ කරවල වේලන්නත් දැන් මාළු පිටරටින් ගේන්න වෙලා ?

0
268

dry fishපසුගිය රාජපක්ෂ සමයේ විනාශකාරි පන්න ක්‍රම උපයෝගි කරගනිමින්  මුහුදේ මත්‍යස්‍ය සම්පත විනාශවෙන්න ඉඩහැරිමේ ප්‍රථිපල දැන් ලංකාවට තදින්ම බලපාන්නට පටන් ගෙන තිබේ.
මෙහි බරපතල කම කොතරම් දැයි කිවහොත් මීගමුව මාළු යැයි ලංකාවට ප්‍රසිද්ධව තිබුනද අද මීගමුවේ කරවල නිෂ්පාකයන්ට සිය කර්මාන්තය කරගෙන යන්නට සිදුව ඇත්තේ පිටරටින් ආනයනය කරනු ලබන  මාළු යොදාගෙනය.
කරවල කිරිම සදහාවත් ප්‍රමාණවත් මත්‍යස්‍ය සම්පතක් දැන් ඉතිරි වි නැතිවා සේය.
දශක කිපයක් පුරාවට කිසිදු ප්‍රතිපත්තිමය සැලැසුම්වලින් දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හිතවතුන්ට රිසි සේ මුහුදු විනාශ කර දැමිමට ඉඩදි බලා සිටි රාජපක්ෂ පාලනය විසින් අද කරවල සදහාත් පිටරටින් මාළු ගෙන්වන්නට වන තත්වයකට ධීවර කර්මාන්තය පත්කො තිබේ.