මීගමුවේ ක්‍රිඩා පිටි වල අයිතිය කාටද ? බදු ගෙවන ජනතාවටද ? දේශපාලකයන්ගේ හෙංචයින්ටද ?

0
335

(දෙවන සංස්කරණය )

කාමච්චෝඩේ ක්‍රිඩාපිට්ටනිය මුල් කොට ගෙන මේ වන වන විට පුළුල් සංවාදයක් නිර්මාණය කිරිමට මිපුර වෙබ් අඩවිය විසින් පළකරන්නට යෙදුන ලිපි කිපයක් හේතුවි තිබේ.

මේ ලිපි වලින් හෙළිවන කටුක සත්‍යය හේතුවෙන් සිය දේශපාලන හාම්පුතුන්ට මෙන්ම හිතේශිවන්තයන්ට සිදුව ඇති කැළල ගැන කුපිතව ඇති ඇතැම් පිරිසක් සමාජ මාධ්‍ය අවකාශය තුල දඟලන්නට පටන් ගෙන තිබේ.

මේ බහුතරයක් දෙනා සමාජ අයිතිවාසිකම් ගැන හෝ මිගමුවේ බදු ගෙවන ජනයාගේ අයිතින් ගැන ඉතිහාසය පුරා මෙලෝ බල බෝලයක් නොකළ අය බව දැන් පැහැදිලිය .මේ එක් අයෙකු සේවය කරන්නේ ජනතාවගේ ජිවිත සම්බන්ධ ආයතනයකය.
ජනජිවිතයේ අයිතින් ගැන තඹ පයිසෙක හැඟිමක් නැති ගොබිලන් ජනතාවගේ ජිවිත හා බැදුන තැන් වලට කරන්නේ කෙසේද?එවන් ආයතනවල උසස් නිලධාරින්ද තමන් ලඟ සේවය කරනු ලබන ඇතැමුන් ජනතාවට එරෙහිව සමාජ මාධ්‍ය වල හැසිරෙන වාචලයන් බව හඳුනා ගත් විට ඇති වන්නේ කෙබඳු තත්වයක්ද ?

කෙසේ වෙතත් අප බලාපොරෙොත්තු වු පරිද්දෙන්ම දැන් ලංසා පවුලේ සහ ඔවුන්ට කත් අදින අය වෙනුවෙන් බෙරිහන් දෙන්නන් සහ ජනතා අයිතිය වෙනුවෙන් මොර දෙන්නන් කව්දැයි පැහැදිලි ලෙසින් හෙළිදරව් වි තිබේ,

මිගමුවේ ක්‍රිඩා පිට්ටනිවලට සිදුවු ඇත්තම තත්වය ගැන හෙලිදරව්වක් කිරිමට දැන් පුළුල් අවකාශයක් විවර වි පවති.

එහිදි මිගමුවේ බදු ගෙවන ජනයාගේ අයිතියට එරෙහිව වන්නන්ගේ පැටකිරිය තවත් හෙලිදරව් වනු ඇත.
ලංසා පාලනය තුල මිගමුවේ කිසිදු ක්‍රිඩාපිට්ටනියක් සංවර්ධනය කෙරුණේ නැත. සිදුව ඇත්තේ මිට පෙර මිගමුව පාලනය කළ පාලකයන් විසින් ගොඩනැගු සහ සංවර්ධනය කරන ලද ක්‍රිඩා පිට්ටනි පවා ලංසා පවුලේ දේශපාලන හිතුවන්ට බන්දේසි මත තබා පුජා කර මිගමුවේ බදු ගෙවන ජනයාගේ දරුවන්ට ක්‍රිඩා කිරිමට ඇති තැන් නැති කර දැමිමය.

සා. මරියා විදුහලේ හිටපු පියතුමාගේ ප්‍රශ්ණ උත්තර වංචාවට ගෑවුනු ඇතැම් ගොබිලන්ද දැන් සා.මරියා පිට්ටනිය වටේ කැරකෙන්නට පටන් ගෙනය.දැන් මේ සියල්ලන්ගේම පැටිකිරියන් නව මානයන් සහිතව එලිදකින කාලයක වැඩි ඈතක නැත

රටක් කථා කළ ක්‍රිඩකයන් බිහිකළ කොටුව පිට්ටනියට අද සිදුව ඇති දේ තුලින් කියා සිටින්නේද මිගමුට ලංසා පවුල විසින් සිදු කරන ලද විනාශයේ තරමය.මේ විනාශය නොදකින අයෙකු වේද ඔහු මිනිස්  භාගයකි. දැන් එවැනි මිනිස්  භාග කිපයක්ද සෙල්ලම් පිට්ටනිය වටේ කැරකෙමින් සිටි

මේ ඇත්ත ගැන කතා කරන විට ඊට එරෙහිව දඟලන අය ඉන්නේ මිගමුවේ බදු ගෙවන ජනයාට එරෙහිව බව දැන් ඉතා පැහැදිලිය .ඒ අය කව්දැයි තව තවත් හෙළිදරව් කිරිම අපගේ මේ ලිපි මාලාවේ අරමුණයි .