මීගමුවේ කුණු අර්බුදය අස්සේ කොමිස් වලින් ගොඩයන්න දගලන දේශපාලකයන් කව්ද ?

0
74

මීගමුවේ කුණු ඉවත් කෙරෙන කොච්චිකඩේ ඕවියාවත්ත ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය නිසා දැනට සතියකට ආසන්න කාලයක් ගතව තිබේ.
නගරසභාවේ බලධාරින්ගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔවුන් පවසා සිටියේ අක්කර 5 ක ඉඩමක් මේ කුණු කසල බැහැර කිරිම සදහා මිළට ගැනිමට නගර සභාවේ සුදානමක් ඇති බවය.
එහි අයිතිකරුවා වෙළද පළ මිලට ඒ ඉඩම විකිණිමට සිතා සිටින බවද සැලවිය.
කෙසේ වෙතත් මේ දිනවල පැතිර යන තවත් ආරංචියක් තිබේ. එනම් ඒ ඉඩම පර්චසයක් රුපියල් අසුදහසකටත් වඩා වැඩි මිළකට නගර සභාවට විකිණිමට කරමින් ඇති සැලසුම පිටුපස දැවැන්ත කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන් පිරිසක් සිටින බවය.
මේ කුණු අර්බුදය මේතරම් දරුණු තත්වයකට පත්කිරිම තුලින් වැඩි මිලකට වුවද මේ ඉඩම් ගතයුතුව ඇත යන මතය ස්ථාපිත කිරිම මත මේ අයගේ කල්ල මරේ වනු ඇත.