මීගමුවේ කෙහෙල් ඇවරි මන්ත්‍රිට මෛත්‍රිගෙන් කුණු බැණුම් ?

0
511

8738987-bunch-of-bananas-isolated-on-white-backgroundඑක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ “ඒකාධිපති අගමැති පන්නනු.. නව අගමැතිවරයෙක් පත් කරනු!” පා ගමනට පොරොන්දුවූ තරම් සෙනඟ නොගෙනේම සම්බන්ධව මෛත්‍රී ගුණරත්න විසින් එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරයෙකුට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇති බව newstube.lk වෙබ් අඩවිය වාර්ථා කොට තිබුණි.වාර්තා වෙයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මීගමුව මහ නගර සභාවට එක්සත් ජාතික නිදහස් පෙරමුණ යටතේ කෙසෙල් ඇවරිය ලකුණින් තරගකොට බෝනස් මන්ත්‍රීධුරය ලබා ඇති මන්ත්‍රීවරයා මෙසේ අසභ්‍ය වචනයෙන් බැනුම් අසා ඇති අතර ඒ හේතුවෙන් පා ගමනේ දෙවැනි දින ආරම්භය පැයකින් පමණ ප්‍රමාද වූ බවද එහි වැඩිදුරටත් සදහන් වෙයි.

මීගමුවේ බෝනස් මන්ත්‍රීට කුණුහරප බෝනස්

එම ප්‍රදේශයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින ආකාරයට මහනුවර සිට කොළඹ දක්වා පා ගමන සංවිධානය කර තිබුණත් ඊට 150-200 වඩා පෙළපාලිකරුවන් සිට නැත. එහිදී මීගමුව නාගරික මන්ත්‍රීවරයා මුදල් ගෙවා සෙනග කැඳවිය හැකි බව දන්වා ඇතත් අපේක්ෂා කළ තරම් සෙනඟක් කැඳවා ගැනීමට ඔහුද අසමත්වී ඇත.

මෙහිදී අදාළ පළාත් පාලන මන්ත්‍රීවරයාට මෛත්‍රී ගුණරත්න පහරදී තිබෙන බවට ඇතැම් වෙබ් අඩවි වාර්තා කර තිබුණත් ඒ සම්බන්ධව තහවුරු කරගැනීමක් කරගන්නට අපට හැකිවුයේ නැත.
ඩෙනිස්ටර් නම් වු මේ මන්ත්‍රිවරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදි ඡන්ද ලබා තිබුනේ 19 ක් පමණක් වුවද නිමල් ලංසාගේ මැදිමහත්විම මත මෛත්‍රි ගුණරත්න විසින් ඡන්ද 19 කට මන්ත්‍රිධුරයක් ලබාදි තිබුනේ ඡන්ද 800 ක් ගත් හිටපු නාගරික මන්ත්‍රිවරයෙකු වන කපිල නන්ද සුලෝචනටද අවස්ථාවක් නොදෙමිනි.

කෙසේ නමුත් මේ වන විට පෙළපාලියේ ආරම්භයේ සිට ඊට සහභාගී වූ පිරිස් සිටින්නේ අතේ ඇඟිලි ගණනට බවත් ඔවුන් අතුරින් බහුතරයක් මෛත්‍රී ගුණරත්නගේ සේවකයන් සහ දෛනික කුළී පදනමට ගෙන්වාගෙන සිටින අය බවත් අප ආරංචිමාර්ග සඳහන් කරයි..
මුලාශ්‍රය – newstube.lk

.

.