මීගමුවේ ගණිකාවන් අතුරුදහන්

0
159
1d1d96e7f49f1649f045dde1bdff3ceb
street girl    .

ප සුගිය   දිනවල මීගමුවේ  ගණිකා වෘත්තියට බලපෑම් කරමින් පෝස්ටර් වට කීපයක් ගසා තිබුණ අයුරු අප වාර්තා කළෙමු.  ඒවායේ  සදහන් කර තිබූ වදන් වල එක්තරා තර්ජනාත්මක ස්වභාවයක් තිබූ අතර සමහරුන් පැවසූවේ ඔවුන් බියවැද්දීම මෙම පෝස්ටර් ගසන්නන්ගේ අරමුණ විය හැකි බවයි.
එම සිදුවීමෙන් පසු මෙම ප්‍රදේශයේ  එම වෘත්තියේ නියලුන කාන්තාවන් වෙනත් විකල්ප රැකියා වලට ද යොමුවූ බවට තොරතුරු වාර්තා විය. එහි වූ එක් කාන්තාවක් රාත්‍රියේ දී    සමාජ ශාලාවක  නැටීම සදහා ගොස් පැමිණ සමහර  උදැසන පැය වලදී නැවතත්  මේ ප්‍රදේශයේ පෙර කළ රැකියාව කළ සිද්ධියක් ද වාර්තා විය.
කෙසේ හෝ මෙ දිනවල මීගමුව රෝහල හා ඒ අවට සාමාන්‍යයෙන් ගැවසෙන  ගණිකාවන්්ගේ  අඩුවක් දක්නට ඇත.  ඒ අතර මෙම ප්‍රදේශයේ මෙම වෘත්තියේ නියලුන  එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන මාස 3 කට සිරදඩුවම් ලබාදී ඇති බව ද වාර්තා වේ.