මීගමුවේ ගෑස් අලෙවිකරුවෙකුගෙන් මාධ්‍යවේදියෙකුට තර්ජන …

0
193

ගෑස් වෙළදාම මේ වන විට බොහෝ තැන්වලදි කළු කඩ ජාවාරමක් බවට පත්ව තිබේ.මේ ගැන ජනතාව විසින් කරනු ලබන දැනුම් දිම් මත ඒ තැන් වාර්තා කරන්නට යන මාධ්‍යවේදින්ටද ගෑස් පාට් දමන චණ්ඩියන්ද මේ වන විට බිහිවෙමින් තිබේ.
ගෑස් අලෙවි නියෝජිතයන් සේ කටයුතු කරන ඇතැමුන් දැන් අලුත් බිස්නස් ඒකක් පටන් ගෙනය.එනම් ගෑස් අලෙවි හලේ අලෙවි නොකොට අමතර ගාණක්ද අය කරමින් බෙදාහැරිමට කටයුතු කරමින් සිටිමය.
මිටර් 100 අඩු දුරකට පවා මේ ඇතැම් ගෑස් අලෙවිකරුවන් බෙදාහැරිමේ ගාස්තු ලෙසින් රු 200 ක් පමණ අයකරන බවද වාර්තා වේ.
මෙවැනි ගෑස් ඇතැයි කියන ස්ථානවලට වෙනත් ප්‍රදේශවල සිට පවා ජනයා ත්‍රිවිල් ගාස්තු ගෙවගෙන පැමිණියද ඒ් අයට මෙවැනි තැන්වලින් ගෑස් මිලට දෙන්නේ නැත.
හේතුව දැනට අනුමත මිළට වඩා තවත් ගාණක් බෙදාහැරිමට මුවාවි ගසා කෑමට මේ ජාවාරම්කාරයෝ කටයුතු කරන නිසාය.

මෙවැනි ස්ථානයක් ගැන ජනතාවගෙන් ලද තොරතුරකට අනුව මිගමුව සිරස මාධ්‍යවේදි එම් .ඉසෙඩ් සහජාන් දළුපත පිංකොවත්තේ පිහිටි කාත්ති නම් වු ගෑස් අලෙවි නියෝජිත ස්ථානයට ගොස් මේ ගැන විමසන විට එහි සිටි අලෙවිකරුවා එයට පිළිතුරු දෙනවා වෙනුවට චණ්ඩි කතා කියමින් මාධ්‍යවේදියාට නිගරුකරමින් හැසිරි තිබේ.

ගැස් නැති කමින් පිඩාවිදන ජනයාගේ ප්‍රශ්ණය කලුකඩ බිස්නස් එකක් බවට පත් කරගත් ඇතැම් ජාවාරම්කාරයෝ සිය ජාවාරම ගැන කව්රුන් හෝ ප්‍රශ්ණ කරනවාටද අකමැතිය.
මාධ්‍යවේදින් ගුඩි කන්නේ එසේ ප්‍රශ්ණ කරන නිසා යැයිද පිංකෝවත්තේ කාන්ති නම් ගෑස් අලෙවි නියෝජිත ආයතනයේ මේ අලෙවිකරුවා සිරස මාධ්‍යවේදියාට කියා තිබේ.
ඉන් කියැවෙන්නේ කුමක්ද ? අපේ බිස්නස් ගැන උඹළ ප්‍රශ්ණ කරන්න එපා යැයි කියන පණිවිඩය නොවේද ?.

මාධ්‍යවේදින්ට එරෙහිව හැසිරෙන චණ්ඩියන් ගැන සම්පුර්ණ තොරතුරු අප සතුය. එවා අන් අයගේද දැනගැනිම පිණිස කඩිනමින් සවිස්තරාත්මකව අප හෙළිදරව් කරන්නෙමු.