මීගමුවේ ජනතාවට ආචාරය !

0
59

UNPමීගමුවේ ජනතාවගේ දේශපාලන සබුද්ධික භාවයට සියලුම ශ්‍රී ලාංකීය ජනතාවගේ ආචාරය හිමි විය යුතුය. පාස්කු ප්‍රහාරයට ලක්වී එයින් වැඩිම පීඩාව විඳි කොටස ඔවුන් වුවුද සමස්ථ ශ්‍රී ලාංකිකයන් අතරින් එම සිදුවීම ඉතාම නිවැරදිව කියවා ගත්තේද ඔවුන් විසිනි.

එයින් පෙනී යන්නේ මීගමු ජනතාව යනු කට කතා වලට නොරැවටෙන, කියන්නා කෙසේ කීවත් එය සිහි බුද්ධියෙන් අසන ජන කොටසක් බවයි. අයි.එස්.අයි.එස් සංවිධානය ලෝකයේ බොහෝ රටවල බෝම්බ ප්‍රහාර දියත් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඒ ඒ රටවල දේශපාලන නායකත්වයට කොන්දේසි විරහිතව දොස් පවරා පලක් නැති බවත් ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයම බවත් ඔවුන් වටහා ගත්හ.

පොහොට්ටුවේ ආධාරකරුවන් විසින් පාස්කු ප්‍රහාරය ආණ්ඩුවට ඈඳීමට කොතරම් උත්සාහ ගත්තද එහි ඇති අතාර්කික බවද ආණ්ඩුවට එහි ඇති ඍණාත්මක බලපෑම තුල එය ආණ්ඩුවේ ආශිර්වාදයෙන් සිදුවූවක් වීමට ඇති අධිකතර වියනොහැකිතාවය මෙන්ම වෙනත් යම් යම් දේශපාලන කණ්ඩායම් වලට ඉන් ඇති ඍජු වාසියද මනාව කියවා ගැනීමට සමත් ප්‍රශස්ත දේශපාලන සබුද්ධික භාවයක් ඔවුන් පෙන්නුම් කරන ලදී.

රට පුරාම දේශපාලන ගුණ්ඩු වලට ඉතා පහසුවෙන් රැවටෙන ජනතාවට කපටි දේශපාලනඥයන් විසින් මීගමුවේ ජනතාවගේ තුවාලය හා රීරි මාංසය විකුණාගෙන කද්දී තම නිවැරදි දැක්ම තුල තවදුරටත් සිටීමට ඔවුහු සමත් වූහ.

එය දුර්ලභය. එකී දුර්ලභ වූද ප්‍රශස්ත වූද දේශපාලන සබුද්ධික භාවයට අපගේ ආචාරය හිමිවිය යුතුමය.

– නීතිඥ අථිල අතාවුද