මීගමුවේ ඩෙංගු පරික්ෂාවට එන ඇතැමුන්ට කප්පම් චෝදනා ?

0
279

Dengue-breeding-sitesමීගමුවේ ඩෙංගු මදුරුවන් මර්දනයට දැනටම ක්‍රියාත්මක වැඩ පිළිවෙල ගැන මිගමුවේ බුද්ධිමත් ජනයා සිටින්නේ දැඩි අවධානයෙනි.ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වෙමින් පවතින වැඩපිළිවෙලට අදාලව ප්‍රබල විවේචනයක් ගෙන එන්නට ඇතමුන් විසින් දැනටමත් මුල පුරා ඇත.,මේ ප්‍රබලතම චෝදනාව මේ වන විට එල්ල වි ඇත්තේ ඩෙංගු පරික්ෂාවට නිවෙස් කරා එන ඇතැමුන් පිළිබදවය.
මාබිම සහෘද සංසදය කවදත් යුක්තිය සාධාරණත්වය ගැන විවේචනාත්මක ප්‍රවේශකින් කටයුතු කරගෙන යන සමුහයකි. ඔවුන් පසුගියදා තම ෆෙස් බුක් පිටුවේ සිය චෝදනාව සෘජුව මෙසේ වචනවලට පෙරලා තිබුණි.

හඳුනුම්පතක්වත් නොමැතිව නිවාස වලට ඇතුළුවන සමහරු
ෂොපින් බෑගයක දමා සඟවාගෙන රැගෙන එන මදුරු කීටයන් බිම දමා
ඒවා පෙන්වමින් කප්පම් ගැනීමට කටයුතු කරන අතර
මුදල් නොදුනහොත් නඩු දමන බවට තර්ජනය කොට අහිංසකයින් පීඩාවට පත්කරති.
මුදල් ලබාගැනීමේදී ඒවා ඉහල නිලධාරීන් අතරද බෙදීයනබව හඟවමින් වැඩි මුදලක් ලබා ගැනීමට ඔවුන් වෙර දැරීම තුලින් කිසිම දවසක අල්ලසට යට නොවූ ශ්‍රේෂ්ට නිලධාරීන්ගේ කීර්තිනාමයටද හානිකිරීම ඉතා කණගාටුදායකය.
ව්‍යාපාරික ස්ථාන වලට සහ වැඩබිම් වලට පැමිනෙන මොවුන් මත්පැනට සහ කුඩුවලට ඇබ්බැහිවුවන්දය් සැක සිතෙන තරමට මෙම තත්වය උග්‍රවෙමින් පවතී .
ටික දෙනෙකුගේ මෙම ක්‍රියා කලාපය නිසා dengue මර්ධන වැඩසටහන ඉදිරියේදී සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමට ඉඩ ඇත.
—————————————
එබැවින් ගරු ජනාධිපතිතුමා /ගරු නගරාධිපතිතුමා ඇතුළු රජය ගෙනයන මෙම සාර්ථක වැඩ පිළිවෙල කඩාකප්පල් කිරීමට අතලොස්සක්වූ මෙම වංචනික සේවකයන්ට ඉඩ නොතැබිය යුතුය.
මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකොට නිසි පියවර ගැනීමට බලධාරීන් පියවර ගත යුතුය.
මෙම සේවකයන් පමණක් මේ වෙනුවෙන් යොමු නොකොට හමුදාවේ කෙනෙක් මෙම කණ්ඩායමට එක්කිරීම වඩාත් යෝග්‍යය
————————————————
නිසි හැඳුනුම්පතක් නොමැතිව ඔබ නිවසට /වැඩබිමට ඇතුළු වීමට ඉඩ නොතැබිය යුතු අතර
ඔවුන් නිවස සහ ඉඩම පරීක්ෂා කර නිමවනතුරු ඒ අසල සිටීමට වගබලාගන්න.
මදුරු කීටයන් හමුවුනොත් ඒ වෙනුවෙන් අල්ලස් දීමෙන් වලකින්න.රජය නියම කර ඇති දඬුවමට යටත්වීම වඩා සුදුසුය.
අල්ලස්දී ඩෙංගු රෝගයෙන් මිය යාම වෙනුවට ඩෙංගු මදුරුවන්ගෙන් තොර රටක් තනන්නට අත්වැල් බැඳ ගනිමු .

(උපුටා ගැනිම අවසන් )

dengu bucket

මාබිම සහෘද සංසදය විසින් කර ඇති මේ සෘජු ප්‍රබල විවේචනයට අදාල කරුණු ගැන මිපුර වෙබ් අඩවිය වෙතද නොයෙකුත් තොරතුරු ලැබි ඇති අතර සැබැවින්ම ඩෙංගු පරික්ෂාවට එන ඇතමුන් හැසිරෙන්නේම කෙසේ එදා දවස ගොඩදාගැනිමට ගානක් කපා ගැනිමේ අරමුණෙන් මිස සැබැවින්ම ඩෙංගු වලින් තොර මිගමුව ගැන සිතා නම් නොවන බව කිමට මිපුරට අත්දැකිම් ඕනෑතරම් ඇත.
මේ ඇතමෙකු නිවෙස්වල තනියම සිටින කාන්තාවන් නඩු කතා කියා බය කර රුපියල් 500 ක් අරගෙන මාරුවුන තැන් ගැන අපද හොදින් දනිමු.
නගරාධිපති ඇතුළු අනෙකුත් ලොක්කන් ගේ ගැහැලි බලා දැන්  ඩෙංගු පරික්ෂක මහත්තුරුන්ද දැන් හම්බ කිරිමේ කලාව හොදින් ප්‍රගුණ කරමින් සිටි.