මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ?

0
167

dengu-wrd-1dengu 1මීගමුව පුරා සිඝ්‍රයෙන් ඩෙංගු පැතිරෙමින් ඇතැයි වාර්ථා වේ.මීගමුව රෝහල දිනපතා උණ රෝගින්ගෙන් පිරියමින් පවතින අතර රෝහල තුල ඇති සිමිත පහසුකම් මත උණ වාට්ටුවට ඇතුලත් වන රෝගින් සදහා අවශ්‍ය පහසුකම් සැලැසිම විශාල ගැටළුවක් බව රෝහල් බලධාරින් පවසති.
මේ වසර තුල පමණක් මෙසේ ඇතුලත්ව ඇති ගණන 2000 ක් ඉක්මවන බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.
බස්නාහිර පළාත් සභාව විසින් රු ලක්ෂ 550 ක් මීගමුව රෝහල වෙනුවෙන් වෙනකර තිබුනද ඒ සියළු මුදල් යෙදවුනේ රෝහලේ ඇත්ත අවශ්‍යතාවන් ගැන නිසි සැලැස්මක් මත නොවේ.
දේශපාලන බලඅධිකාරියේ පුර්ණ මගපෙන්විම මත  ඩෙංගු රෝගින් 14 දෙනෙකු පමණක් වෙත පහසුකම් සැලසිය හැකි පැරණි වාට්ටුවක් පිළිසකර කර ඇවසි පහසකම් සපයා දිම වෙනුවෙන් මේ රුපියල් ලක්ෂ 550 ම වැය කෙරුණි(මෙහි ඉදිකිරිම් භාරව සිට ඇත්තේ ඇමති නිමල් ලංසාය. අප ඒ ගැන පවසන්නේ එපමණකි).
මේ තත්වය තුල මරාන්තික ලෙස  හිස ඔසවමින් ඇති ඩෙංගු තත්වය පාලනය කිරිම සදහා මීගමුවේ අදාල බලධාරින් අතර ඒකබද්ධ සැලැස්මක් පවා නැති තත්වයක් නිර්මාණය වෙමින් තිබේ.
නගරසභාවේ දුමායන කටයුතු සදහා භාවිතාකරමින් තිබුන කැබ් රථය නගර සභාවේ නොසැලකිලිමත් රියදුරෙකුගේ වරදින් අනතුරකට ලක්ව අළුත් වැඩියා කටයුතු සදහා යොදා තිබේ.
මේ නිසා අවැසි දුමායන කටයුතු පවා අතරමග ඇන හිට තිබේ.
රෝගින්ගේ වෙත ඇති පහසුකම් දිනෙන් දින මෙසේ අඩවෙමින් පැවතුනද අදාල ක්ෂේත්‍රයේ වෛද්‍යබලධාරින් වෙත නම් නොඅඩුව පහසුකම් ලැබෙමින් තිබේ.
රජයේ මුදලින් මාසිකව කුලි ගෙවන නිවසක් සදහා පමණක් නොව ඇතමුන් සදහා මොන්ටෙරෝ ජීප් රථ ගැනිමට තරම් පහසුකම් සැලසි ඇත.
මීගමුව තුල වර්ධනය වෙමින් ඇති මේ භායනක තත්වය ගැන දැනගැනිමට අප මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය විජේලත් මහතාව කිප විටක්ම දුරකථනයට සම්බන්ධ කරගත්තද ඔහු අපට පිළිතුරු දිම ප්‍රතික්ෂේප කරමින් දුරකථනය විසන්ධි කළේය.
දිනෙන් දින උග්‍රව යමින් ඇති ඩෙංගු තත්වය ගැන නගරයේ ප්‍රධාන පුරවැසියා නගරාධිපතිවරයා අවධානයක් යොමුකර ඇතැයි නොපෙනේ.
නගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ නායකත්වය පැවරි ඇත්තේද සෞඛ්‍ය ගැන තබා මන්ත්‍රි ආචාර ධර්ම වත් නොදන්නා අයෙකු වෙතය.
මේ තත්වය තුල මීගමුවට දෙයින්ගේම පිහිටය.නැතිනම් ඥානසාර ශබ්දකෝෂයට අනුව අබසරණය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here