මීගමුවේ ඩෙංගු වසංගතයට පිළිතුරු හොයන හැටි ගැන ප්‍රදිප් පිරිස්ගේ FB විග්‍රහය ?

0
125
dav
මීගමුව රෝහලේ පැවති රැස්විමකි.

ප්‍රදිප් පිරිස් කියන්නේ මීගමුවේ හිටපු නාගරික මන්ත්‍රිවරයෙක් සහ ඉස්සරහටත් දේශපාලනය කරන්න හිතන්න ඉන්න කෙනෙක් .
හැබැයි එක ප්‍රශ්ණයක් තියෙනවා.
මීගමුවේ තියෙන ප්‍රශ්ණ ගැන මැදිහත් වෙන්නේ මුහුණු පොතට අදහස් දාල විතරමයි.
බැහැල කරපු දෙයක් ගැන මෑතක නම් අපට  අදහසක් නැ.
මුහුණු පොතෙත් එයා හැමදාම වහල ගහන කෙනෙක් ඉන්නවා .එයා තමයි රොයිස් විජිත .ඒ කියන්නේ තමන් අකැමති වුනත් තමන්ගේ ආසනේ ලොක්කා.
පහුගිය කාලේ ඉදන් ම අපි ලියපු සමාජ ප්‍රශ්ණ හැම  එකකදිම රොයිස්ට විරුද්ධව වාක්‍යයක් මුහුණු පොතේ කොටල ආතල් එකක් අරන් පැත්තකට වෙලා ඉන්නවා.
දැන් මේ ඩෙංගු ප්‍රශ්ණේ ගැන අපි ලිපියක් ලියමින් මතුකළේ මීගමුවේ කතෝලික පල්ලියට මේ ගැන ලොකු වගකිමක් තියෙනවා මීගමුවේ පවතින ඩෙංගු වසංගත තත්වයට මැදිහත්විම සම්බන්ධයෙන් කියල …
ඒ ගැන වඩාත් ඉදිරිගාමි අදහස් ටිකක් සමහරක්  අය ලියල තිබුණ .
ප්‍රදිප් පිරිස් මහත්තයා ලියල තිබුනේ මේ තත්වයට වගකියන්න ඕනේ දේශපාලකයෝ කියල.ප්‍රදිප් ගේ අදහස්
අපට තියෙන්නව ප්‍රදිප් පිරිස් මහත්තයාගෙන් අහන්න සරල ප්‍රශ්ණය කිපයක් ?
1.දැන් එතකොට ඔබතුමා දේශපාලකයෙක් නෙමෙයිද ?ඔබ තුමා මේ ගැන යමක් කළාද ?ඇත්තටම අපි දන්නේ නැති නිසා අහන්නේ නැතුව සවුත්තුවට නෙමේ .

dav
ඩෙංගු වංසගත තත්වය ගැන මීගමුව රෝහලේ පැවති රැස්විමකි.

dav
2.මීගමුවේ ප්‍රධාන පක්ෂ දෙකේ සංවිධායකතුමන්ල දෙන්නයි මුස්ලිම් කොන්ග්‍රස් පළාත් සභා මන්ත්‍රිවරයයි හිටපු නාගරාධිපතිවරයයි තවත් මීගමුවටත් රෝහලටත් අාදරය කරන කිපදෙනෙකුයි රෝහලේදි දැනටමත් ඩෙංගු ප්‍රශ්ණෙ ගැන කරන්න පුලුවන් මොනවද කියල සාකච්ජාවකට එක්වෙලා එයට අදාලව කටයුතු කරගෙන යනව කියල දැනගෙන උන්නද ?
3. ඔබතුමාගේ දරුවටත් ඩෙංගු හැදුනාම මුලින් ආවේ මරියා එකටත් පස්සේ ලමා විශේෂඥ එයාගෙ ඩෙංගු චැනල් බිස්නස් එක කරන එකම කඩේ නවලෝකෙ හින්ද එහෙටත් අරන් ගිය හින්ද මීගමුවේ රෝහලේ තියෙන බරපතල තත්වය ගැන දැනිමක් හැගිමක් නැ කියල අපි දන්නවා. ඒ හින්ද ඉඩක් තියෙන වෙලාවක ගිහින් බලල ඔබ නියෝජනය කරන ලොකු ලොකු සංවිධානය වල උදව් අරන් දෙන්නත් ටිකක් හොයල බලන්න.
ඉතින් අදුරට ශාප නොකර එක ඉටි පහනක් හරි දල්වමු …..