මීගමුවේ තවත් නාගරික මන්ත්‍රිවරයෙක් යකා නටයි ! නිළධාරින්ටත් පහර දෙන්න යයි !

0
143

MP nimalමීගමුව මහනගර සභාවේ ශ්‍රිලනිප නියෝජනය කරමින් තේරි පත්ව පොහොට්ටු පාලනයක් ස්ථාපිත කිරිමට සහය දුන් මුන්නක්කරය ප්‍රදේශය නියෝජනය කරන නිමල් නැමැති නාගරික මන්ත්‍රිවරයා අද පෙරවරුවේ මිගමු මහනගර සභා පරිශ්‍රයේදි චණ්ඩියාට ඇද යකා නටා ඇතැයි වාර්ථාවේ.
ඒ ඔහුගේ කෝට්ටාශයට වෙන්කර ඇති විදුලි බල්බ 10 ප්‍රමාණවත් නැති බව කියමින් තාක්ෂණික නිළධාරියෙකුට පහරදිමට උත්සාහ කරමිනි.
අම්පාරේ සිට පැමිණ මේ වන විට අංක එකේ දුෂිත නිළධාරියෙකු සේ අභිෂෙස් ලබාඇති රන්මුතු නැමැත්තා ලංසා පවුලට කෝටි ගණනින් මුදල් හම්බ කරදිමට සිය වෘත්තිය ජිවිතය පවා දෙන කුප්‍රකට නිළධාරියෙකි.
ගැටුම ඇතිව ඇත්තේෙ  නිමල් නැමැති නාගරික මන්ත්‍රිවරයා  හා රන්මුතු අතරය.
මින් එක් දෙයක් පැහැදිලිය
මහ කකුළුවන් ඇදේට යන විට පොඩි කකුළුවන්ද යන්නේම ඇදේටම බවය
ලංසා පාලනය ට සහය දක්වන තවත් නාගරික මන්ත්‍රිවරයෙකුද  පසුගියදා බිමතින් පිස්සු නටා තවත් පිරිසකට පහර දි තිබුණි