මීගමුවේ තෙරපිවරියන්ට එඩ්ස් ඇතැයි කීම අමූලික බොරුවක් ! – ස්පා සංගමයේ සභාපති කියයි

0
700

මිගමුවේ ස්පා ගැන හා හෝව දැන් ඉවරයි වගේ පේන්නේ. මේ ගැන පළකරපු මාධ්‍යය මේ නිව්ස් එක ප්‍රචාරය කරපු  විදිහට මේ කතාවේ දෙවෙනි නිව්ස් එකක් එළියට  නාවේ ඇයි කියන එක හැමෝටම කුතුහලයක්. ඒ ප්‍රවෘත්තියෙන්   බොහොමයක් වෙබ් වලත් බැලුවේ හිට් වැඩිකරගන්න.⁣ කොහොම හරි දැන් මාධ්‍ය සංදර්ශනය ඉවරයි. කිසිවෙකුට මේ හරහා ප්‍රොපගැන්ඩා එකක් හදන්න ඕනා වුණා නම් ඒකත්  හරි. 

මේ මෙහෙයුම අස්සේ තවත් න්‍යාය පත්‍ර අනිවාර්යයෙන්ම තියෙන්න ඇති. අප්‍රේල් මාසය තුළ මිගමුව පදනම් කරගෙන එසවිමට ඉඩ ඇති , බලධාරීන් හමුවේ කටඋත්තර නැතිවෙන සටන් පාඨ ටිකකුත් තියෙනවා.

හැබැයි මේ හැමෝටම ස්පා හරහා යන්න තිබුන හදිස්සිය හින්ද එයාලම සමාජ ගතකරපු මිගමුවේ ස්පා තරුණියන්ට එහෙම නැත්නම් තෙරපිවරියන්ට එඩ්ස් කියන කතාවේ මුලාශ්‍ර මොනවද කියල කියාගන්න බැරිවෙනව.වෘත්තිය මාධ්‍යවේදීන් නම් හැම වෙලාවෙලම මාධ්‍ය ආචාරධර්ම ගැන තැකීමක් ඇතුව තමයි තමන්ගේ වෘත්තියේ යෙදෙන්නේ.
නමුත් අවසානාවකට අපි කතා කරන ඒ ජාතියේ වෘත්තිය මාධ්‍යවේදීන් ඉතාමත් අල්ප යුගයක් කරායි අපි මේ ගමන් කරමින් ඉන්නේ.ලගම තියෙන හොදම උදාහරණය තමයි මිගමුවේ ස්පා වල සේවිකාවන් දෙන්නෙකුට එඩ්ස් කියල ලියපු ,කියපු මාධ්‍යවේදීන් එවගේම ඒව පළකරපු මාධ්‍ය ආයතන කව්රු හරි ඒ කියපු බරපතල කරුණට අදාලව තමන්ගේ මුලාශ්‍ර සඳහන් කරල තිබුනද?

මේ එඩ්ස් කතාව අමුලික බොරුවක් කියල මෑතකදි ස්පා සංගමයේ සභාපති යුටියුබ් සාකච්ඡාවකදි කියල තිබුණ.

ඔහු අභියෝග කරල තිබුන ඒ අදාළ පරික්ෂණ කොහෙන්ද කළේ කියල.එයාල හොයල බලපුම අදාල සෞඛ්‍ය බලධාරින් හරි අදාල ආයතන හරි එහෙම පරික්ෂණයක් කරල තිබුන බවක් තමන්ට වාර්තා වෙලා නැ කියල තමයි ස්පා සභාපති කියන්නේ.

දැන් මේක බරපතල තත්වයක්.  දැන් කව්ද ඇත්ත කියන්නේ ?  ස්පා සභාපති ප්‍රසන්නද?මේ ගැන හෙළිකරපු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් ද? එහෙම නැත්නම් මේ මෙහෙයුම කරපු පොලිස් බලධාරින්ද?