මීගමුවේ දුප්පත්ම පාසැලේ පෝසත්ම විදුහල්පති …….

0
133

වැලිහේන 3වැලිහේන 2වැලිහේන රෝමානු කතෝලික දෙමළ දෙමළ පාසල කියන්නේ මේ අධ්‍යාපන කලාපයේ තියෙන දුප්පත්ම පාසැල කිව්වොත් නිවරදියි. ඒ පාසැලට යන දරුවන් ගත්තත් එහෙමයි.
ඒ දරුවන්ගේ දෙමව්පියන් කියන්නේ අසරණ පිරිසක්.
මේ හින්දම ඒ වගේ පාසැල් දියුණු කරල හොදට නඩත්තු කරගෙන යන්න බලධාරින්ට ලොකු උවමනාවක් උනන්දුවක් තිබුනේ නැ.
ඒත් මේ දුප්පත්ම පාසැලට මිට කාලෙකට ඉස්සර වෙලා ආපු පෝසත් විදුහල්පතිවරයෙක් හින්ද මේ පාසැලෙත් , ඒකේ ඉගනුම ලබපු දරුවන්ගෙත් ඉරණම වෙනස් වුණා.වැලිහේන 5
ඇයි අපි ඒ විදුහල්පති පෝසත් කියල කිව්වේ .

ඒ නගරයේ ඇතැම් පාසැල්වලින් මාටියා ගහලා සල්ලි බාගෙ යාන වාහන එහෙමත් අරගත්තු ඇතැම් විදුහල්පතිලා ගැන කියන අර්ථයෙන් නෙමෙයි.

එහෙනම් මොකක්ද ?

මේ පාසැලේ විදුහල්පති හැටියට පත්වෙලා ආපු කෙනාට හොද පෝසත් හදවතක් තිබුණා.
විදුහල්පතිවරයෙක් හැටියට ඉහල අධ්‍යාපන සුදුසුකම් ( විදුහල්පති සේවාවේ පළවෙනි ශ්‍රේණියේ විදුහල්පති කෙනෙක් ) තිබුනත් එයා නගරයේ මැද්දේ සුපිරි පාසැලකට ගිහින් පොරක් වෙන්න කවදාවත්ම කල්පනා නොකරපු හොද හදවතක් එයාට තිබුන.

සහජාන'
ඒ හින්දම එයාගේ හොද හිතට උදව්කරන්න ඉදිරිපත් වුන හිතවතුන් වගේම රජයේ ඇතැම් ප්‍රතිපාදනත් අරගෙන මේ දුප්පත් පාසැල් පහුගිය අවුරුදු ගාන පුරාවටම පුලුවන් උපරිම විදියට දියුණු කළා.
කොටින්ම කියනවනම් දැන් මේ විදුහල්පතිතුමාට තවත් වසර ගණනාවක් සේවය කරන්න කාලයක් තියෙද්දිත් තවත් ටික කාලයකින්  විශ්‍රාම ගැනිමට සිතා සිටියදිත් මේ පාසැලේ අබලන් වෙලා තියෙන වහල හදන වැඩේටත් මේ විදුහල්පතිතුමා අතගැහැව්වා.
එහෙම විශාල හදවතක් තියෙන උගත් මනුස්සයෙක් අපි නම් මිගමුවේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල දැකල නැ.

මිගමුව කියන්නේ සුදුසුකම් පැත්තක තියෙද්දි දේශපාලන පන්දම් අල්ලගෙන විදුහල්පතිල වෙච්ච අංක එකේ දුෂිත තැනක් කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමේ .

අපි කියන්නේ බොරු නම් ටිකක් හොයල බලන්නකො ඔය නම් තියෙන මිගමුවේ ඉස්කෝල වල විදුහල්පතිලාගේ අධ්‍යාපන මට්ටම් වල තරම.
එයාලත් හරියට මිගමුවේ කොමසාරිස් නෝනා වගේ තමයි.
ඉන්න ඕනා පළවෙනි ශ්‍රේණියේ කෙනෙක් වුනත් මිගමුව මහනගර සභාවේ ඉන්නේ තුන්වෙනි පංතියේ කොමසාරිස් නෝනා කෙනෙක්.
හැබැයි ඒක නම් ඉතින් අධ්‍යපාන සහතික බලන්න ඕනෙත් නැ වැඩවලින්ම  පේනවා.

මේ වගේ විදුහල්පතිවරුත් මිගමුවේ ඕනතරම් ඉන්නවා.
දැන් මේ වැලිහේන පාසැලේ විදුහල්පති තුමා අදහන ආගම හින්ද එයා තරම් පළිගැනිම් වලට ලක්වුන කෙනෙක් නැ .
ඒ තරම් වද දුන්න එයාට .වැලිහේන 3
ඒත් එයා හදවතින්ම එයාගේ වෘත්තියට ආදරය කරපු හින්ද ඒයාව කොහොමටත් වට්ටන්න බැරිවුනා.

දැන් බලන්න ආගම කියල ලෝගුවම ඇදගෙන ඉන්න මිගමුවේ විදුහල්පති පියතුමාල කරන තියෙන බලු වැඩ.  ඒ වගේ අයත් එක්ක බලද්දි තමයි එම්.ඉසෙඩ් .සහජාන් කියන්නේ වචනේ පරිසාමාප්ත අර්ථයෙන් පෝසත්ම විදුහල්පති කෙනෙක් කියල අපට කියන්න පුලුවන් වෙන්නේ
හැබැයි අපි පෝසත් කියන්නෙ අර ජයන්ත වික්‍රමසිංහ විදුහල්පති පියතුමාට තියෙන  සුපිරි කාර් වල අර්ථයෙන් නෙමේ .එහෙම ගන්නකොට ජයන්ත වික්‍රමසිංහලව අහලකින්වත් තියෙන්න බැ මේ වගේ හදවතින් පෝසත් සහජාන් කියන් සුපිරි විදුහල්පතිතුමා.
වැලිහේන රෝමානු කතෝලික දෙමළ  පාසලේ මේ වහලය ප්‍රතිසංස්කරණය වන ගොඩනැගිල්ල වසර 100 තරම් පැරණි එකක්.
ඒතරම් පැරණි වහලයක් යට අවුරුදු කිපයක් ගතකරපු මේ විදුහලට ආපු හොදම විදුහල්පති සහජාන් කියල අපි නම් කියන්නේ හරිම ආඩම්බරයෙන්.