මීගමුවේ දූෂිත ටෙන්ඩර්වලට සහය දැක්වු එජාප 11 දෙනා කව්ද ?

0
73

මීගමුවේ අන්ත දුෂිත ගණුදෙනු රැසක් පසුගිය මහසභා රැස්විමට අනුමැතිය සදහා ඉදිරිපත්ව තිබියදි මිගමු එජාප සංවිධායක බෙන්ජමින් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් 11 දෙනෙකු එදින මහසභා රැස්විමට නොපැමිණ මගහැර තිබුණි.
මේ පිරිස අතර සජිත් ප්‍රේමදාසගේ ටෙලිපොන් ගෝල මන්ත්‍රිලා ද වෙයි.
පසුගිය පළාත් පාලන මැතිවරණයෙදි මිගමුවේ කොට්ටාශ 29 න් 19 ක් ම ජයගෙන තිබුනේ එජාපය විසිනි.එහෙත් ඔවුන් එදා පළාත් පාලන ආයතනය සදහා පත්කර යැවු මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් යුක්තිය ඉටුකිරිම සදහා පසුගිය මහසභාවට පැමිණි ඉදිරිපත්ව තිබු දුෂිත ගණුදෙනුවලට එරෙහිව බරපතල විවේචන ඉදිරිපත් කරන්නට මන්ත්‍රිවරුන් 5 දෙනෙකු සහ එක් මන්ත්‍රිවරියක් විසින් කටයුතු කර තිබුණි.
මෙහිදි මෙම දුෂිත ගණුදෙනු සම්බන්ධයෙන් එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා විසින් තියුණු විවේචනයක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව යමින් නාමල් වේවැල්දෙණිය,සුමිත් ප්‍රනාන්දු,රෝෂාන් ප්‍රනාන්දු,චාමර යන මන්ත්‍රිරුන් සහ කාංචනා මන්ත්‍රිවරිය මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් පෙනි සිට තිබුණි.
ලංසා පවුලෙන් ලැබෙන පාරවල් කාණු කොන්ත්‍රාත් වලට වහවැටුනු එජාප නායකත්වයක් ඇති මිගමුව ගැන පක්ෂයේ ලේකම් රංගේ බණ්ඩාර කියා සිටින්නේ කුමක්දැයි මිගමුවේ එජාප සාමාජිකයෝ විමසා සිටිති.මෙසේ පසුගිය මහ සභාව මගහැර යමින් දුෂිත ගණුදෙනු සම්මත කරගැනිමට ලංසා පවුලට අවස්ථාව සලසා දුන් බෙන්ජමින් ඇතුළු පිරිසට යම් සන්තෝෂම් ලැබි ඇතැයි පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රිවරුන්ම කියා සිටින බවද සැලය.
කෙසේ වෙතත් එජාප මන්ත්‍රින් 6 දෙනාද , ජවිපෙ තිදෙනාද ,එක්සත් ජාතික පෙරමුණ මන්ත්‍රි කපිල නන්දසුලෝචනද එකව සිය විරුද්ධත්වය මේ දුෂිත ගණුදෙනුවලට එරෙහිව ඡන්දය ලබාදෙමින් ප්‍රකාශ කර තිබුණි.