මීගමුවේ දේශපාලනය ගිණියම් වෙයි ! මහින්ද පිළ 2 කට බෙදේ ?

0
111

lansa 11ලංකාවේ අනාගත දේශපාලනයට තිරාණාත්මක ලෙසින් බලපාලන සිදුවිම් රැසක් මේ වන විට ජාතික වශයෙන් කොළඹ කේන්ද්‍රකොට ගනිමින්ද අනෙක්වා ප්‍රාදේශිය මට්ටමින්ද සිදුවෙමින් තිබේ.
මෙහිලා අතිශය වැදගත් දේශපාලන පෙරළින් රැසක් මේ වන විට මිගමුව තුල සිදුවෙමින් තිබේ.
මීපුර වෙබ් අඩවිය මීට කලින් අවස්ථා කිපයකදිම නිවරදිව හෙළිදරව් කළ පරිදි මෛත්‍රි පිලෙන් නියෝජ්‍ය නගරධිපතිධුරය  ලබාගත් දායන් ලංසා මහතා අද සවස පැවැති රැස්විමකදි පවසා  තිබුනේ මැයි 01 වෙනිදා කිරුළුපනදි පැවැත්වෙන් මහින්ද පිළේ මැයි රැළියට ස්ථිර වශයෙන්ම සහභාගිවිමට තින්දු කළ බවය.
අප  කලින් අවස්ථා කිපයකදි සදහන් කර තිබුණ පරිදි මේ දිනවල දායන් ලංසාගේ එකම දේශපාලන මෙහෙයුම වි තිබුනේ කෙසේ හෝ මහින්ද පිළට රිංගා ගැනිමටය.
එහෙත් එයට බාධාව තිබුනේ ඒ වන විටත් ලංසා පවුලේ අවස්ථාවාදි දේශපාලනයට එරෙහිව මීගමුව තුල මහින්ද පිලේ නායකත්ව  ගැනිම සදහා පිරිසක් මුල්ව කටයුතු කරමින් තිබිම සහ මහින්ද පිළේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකු වන හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ආශිර්වාදය ඒ අයට ලැබි තිබිමයි.
දායන් ලංසා විසින් ගනු ලැබු මේ තින්දුවත් සමගින්  මීගමුව තුල මහින්ද පිළේ නායකත්වය සදහා දැන් පිළ් දෙකක් අතර සටනක් නිර්මාණය වි තිබේ.
දායන් ලංසා ක්‍රියාත්මක වනුයේ සිය ඇමති සොහොයුරාගේ සහ ලංසා පවුලේ අතිජාත දේශපාලන නායකයා වන බැසිල් රාජපක්ෂගේ පුර්ණ අනුග්‍රහය මතය.
එහෙත් ගම්පහ දිස්ත්‍රික් දේශපාලනය තුල බැසිල් රාජපක්ෂ බරපතල ලෙස ප්‍රතික්ෂේපව ඇති බැවින් දයාන්  ට හොද පිළිගැනිමක් සිදුවිමට ඇති ඉඩකඩ අඩුය.
එහෙත් පොම්ම කරන්නට ඇති තරම් මුදල් ඇත.
මේ පසුබිම තුල ඉදිරි දින කිපය තුල මීගමුවේ  දේශපාලනය තවත් උණුසුම් වනු ඇත.prasa 1