මීගමුවේ නගරාධිපති ධුරය, රත්වූණු තෙල් තාච්චියක් – විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු

0
222

මීගමුවේ නගරාධිපති ධුරය පිලිබදව මෙම අදහස් පල වුයේ  නොවැම්බර් මස 03 වන බ‍්‍රහස්පතින්දා පෙරවරුවේ මීගමුව මහා නගර සභා රැස්විම් ශාලාවේ පැවති නව නාගරීක මංති‍්‍ර මන්ඩලයේ ප‍්‍රථම මහ සභා රැස්වීම අතුරතුරේදීය. එහිදී නාගරික මංති‍්‍රවරුන් අදහස් දක්වන අවස්ථාවේදී විපක්ෂනායක රොයිස් ප‍්‍රනාන්දු මංති‍්‍රවරයා සිය කථාවේදී නව නගරාධිපතිවරයාගේ අවධානයට ලක් කලේ මීගමුවේ නගරාධිපති ධුරය භාර ගැනීම රත් වූ තෙල් තාච්චියක් හිස මත තබා ගෙන ගමන් කිරීමක් වැනි දුෂ්කර කාර්්‍යයක් බවයි.

පෙර හිටපු නගරාධිපතිවරු දෙදෙනෙකු යටතේ තමන් මෙම සභාව නියෝජනය කල බවත් එහිදී සභාවේ කටයුතු සහ මීගමුවේ සංවර්ධනය සදහා කි‍්‍රයාත්මක කල සමහර ව්‍යාපෘති හා කාර්්‍යයන් පිලිබදව විවේචනය කල බවත් ඔහු සදහන් කලේය. එලෙස සමහර ව්‍යාපෘති සහ කාර්්‍යයන් පිලිබදව විවේචනය කලේ ඉතා සුභවාදීව බවත් එමෙන්ම සෑම වසරකම නගර සභාවේ අදායම් සහ වියදම් පිලිබදව සුභවාදී විපක්ෂයක් ලෙස අඩුපාඩු පෙන්වා අවසානයේ සෑම අයවැය වාර්තාවකටම සහයෝගය ලබා දුන් බවත් ඔහු ප‍්‍රකෘශ කලේය.

එලෙසම ඉදිරි කාලයේදීත් එලෙස නව නගරාධිපතිවරයාට ද අවශය අවස්ථාවලදී සහයෝගය ලබා දීමට තමන් ඇතුළු විරුද්ධ පක්ෂය කී‍්‍රයාකරන බවද ඔහු පැවසීය. ඔහු  නගරාධිපතිවරයා ඇතුළු ආන්ඩු පක්ෂයේ මංති‍්‍රවරුන්ගෙන් ඉල්ලා සිටියේ පසුගිය නගර සභා මැතිවරණය ආසන්නයේදී මීගමුව තුල සිදු කල දැවැන්ත සීඝ‍්‍ර සංවර්ධනය මින් පසුද අඛන්ඩව කර ගෙන යන ලෙසයි.
මෙහිදී පිලිතුරු කථාව සිදු කල නව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා පැවසුවේ මෙම නගරාධිපති ධුරය රත්වුණු තෙල් තාච්චියක් හිසේ තබා ගෙන ගමන් කිරීමක් වැනි අති දුෂ්කර කාර්්‍යයක් බවයි . එය සුවිශාල් අභියෝගයක් බවත් , තමා සුළු වශයෙන් හෝ වැටීමකට ලක් වුව හොත් රත් වූනු තෙල් විසිරී තමන් පිච්චෙන බවත් ඒ නිසා මේ ගමන සෙමෙන් සෙමෙන් යන බවද ඔහු සදහන් කලේය. එසේ සෙමින් යන විටදී පවා කවුරුන් හෝ තමන්ව කකුල් දමා වට්ටන්න උත්සහ නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. ඒහිදී ඔහු කියා සිටියේ තමන් මෙම ධුරයට පැමිණියේ රජ මැදුරක සිට නොව පොල් අතු හෙවිලූ නිවසක ධීවර පවුලකින් බවයි. සෙරෙප්පු දෙකක් පවා නොමැතිව පාසල් ගිය ඔහුට මෙම නගරාධිපති ධුරයේ කටයුතු කිරිමේදී අවශ්‍ය සහයෝගය සෑම පාර්ශවයකින්ම බලාපොරොතත්තු වන බවද ඔහු අවසානයේදී වැඩි දුරටත් පැවසීය.