මීගමුවේ නත්තල් කලාපයට පුර්ණ අනුග්‍රහය ඇමති නිමල් ලංසාගෙන්.?

0
234

touerrist btouerist b2touersit 3මීගමුව නත්තල් කලාපය අසිරිමත් ලෙසින් පසුගිය දෙසැම්බර් 21 දායින් අවසන් විය.මහත් වෙසෙක් දරා මීගමු හා අවට දේවස්ථාන වල තරුණ තරුණියන් මේ නත්තල් කලාපය අසිරිමත් කර තිබුණි.එබැවින්ම එය ආවරණය කරමින් ඒ සංස්කෘතික අසිරිය අප මීපුර වෙබ් පාඨකයා වෙත ගෙන ගියෙමු.
එහෙත් දැන් අපට මතුවෙන ගැටළුව වන්නේ මේ නත්තල් කලාපයේ පුර්ණ  අනුග්‍රහය දේශපාලන අනුග්‍රහයක් බව සැලව තිබිමත් සමගය.
මේ කලාපයට ඇතුළුවන තැන විශාල තොරණක් සකසා තිබුණි. එයට අනුව මේ නත්තල් කලාපයට පුර්ණ අනුග්‍රහය දැක්වා ඇත්තේ බස්නාහිර පළාත් සංවාරක මණ්ඩලය විසිනි.
බස්නාහිර සංචාරක මණ්ඩලය අයත් වන්නේ ඇමති නිමල් ලංසාගේ අමාත්‍යංශ ගොන්න අතරටය.
අප පසුකරමින් ඇත්තේ මැතිවරණ සමයකි.
එවන් සමයක මෙවන් ආගමික කටයුත්තක් සදහා දේශපාලන අනුග්‍රහය ලබාගැනිමේ ආදිනව ගැන මෙහි සංවිධායකයන් දෙවරක් කල්පනා කලේද ?
එමෙන්ම ඇමති ලංසාගේ දේශපාලන සංස්කෘතියට අදාලව   මීගමුව තුල මෙන්ම මුළු ලංකාව පුරාමත් ඇති විවේචනයන්ද සැලකිල්ලට ගැනිමේදි මීගමුවේ කිතුණු බහුතරයක් මෙන්ම පල්ලියේ පියතුමන්ලාද ඒ පසුබිම ගැන සිටින්නේ විචේචනයකය.
තතු එසේ වෙද්දි එවන් දේශපාලකයෙකුගේ අනුග්‍රහය මෙවන් කටයුත්තක් සදහා ලබාගැනිම ගැන අපට සිතෙන්නේ මෙහි සංවිධායකන් දවල් මිගෙල් රෑ දනියෙල් ලාගේ තත්වයට පත්ව ඇති බව නොවේද?
එමෙන්ම වාර්ථා වන අන්දම නත්තල් කලාපය වෙනුවෙන් කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ පැවති උත්සවය සදහා වේදිකාව සපයා දි ඇත්තේද මීගමුවේම තවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෙකු විසින් බවය.
මේ අතර ඊයේ එක්තරා රූපවාහිනි නාලිකාව ගිය පුවතක් පිළිබදව අපට කරුණු සැලකර සිටි ප්‍රගතිශිලි කිතුණුවෙකු කියා සිටිවේ පාර්මේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා විසින් ආගමික සිද්ධස්ථාන 4 කට රු ලක්ෂයක් බැගින් පරිත්‍යාග කර ඇතැයි කියාය.
ඔහු සිටියේ එකි ආගමික නායකයන් දුමින්ද සිල්වා වැනි අයෙකුගෙන් කෙසේ නම් එවන් මුදලක් පිළිගන්නේද යනුවෙනි.