මීගමුවේ නව නගරාධිපති රාජකාරි කටයුතු අරඹයි.

0
48

නව නගරාධිපති ලෙස ආන්ඩු පක්ෂයේ ඇන්ටනී ජයවීර මහතා 2011 ඔක්තෝබර් මස 28 වැනි සිකුරාදා දින පෙරවරුවේ මීගමුව නගර සභාවේ දී සිය නිල රාජකාරී කටයුතු ඇරඹීය. මීගමුව මහා නගර සභාවේ 16 වන නගරාධිපතිවරයා ලෙස පත්වූ ඔහු පිටිපන ප‍්‍රදේශය නියෝජනය කරයි. මෙවර පලාත් පාලන මැතිවරණයට තරග කල ආන්ඩු පක්ෂ ( එජනිස ) ලැයිස්තුවේ සිටි අත්දැකීම් අතින් ජ්‍යෙෂ්ථටමයා වන්නේද ඔහුයි.

පසුගිය එ.ජා.ප. පාලන කාලයේදී මීගමුව මහා නගර සභාවේ විපක්ෂ නායකවරයා වුයේද ඇන්ටනී ජයවීර මහතායි. දැනට 56 වැනි වියේ පසු වන ඔහු වෘත්තියෙන් මාළු ව්‍යාපාරිකයෙකු ලෙසද කටයුතු කලේය. එක් දරු පියෙකු වූ ඔහු මෙවර ආන්ඩු පක්ෂයෙන් තේරී පත්වූ මංති‍්‍රවරුන් අතර 07 වැනි තැනට තේරී පත්වූ අතර ඔහු ලැබූ මනාප සංඛ්‍යාව වුයේ 4283 කි.
ඔහු නගරාධිපති ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුළු නව නාගරීක මංතී‍්‍රවරුන් (ආන්ඩු පක්ෂ) දිවුරුම් දීමද ඊට සමගාමීව සිදුවිය. මෙම විශේෂ උත්සවයට බස්නාහිර පලාත් අග‍්‍රආන්ඩුකාර අලෙවි මවුලානා , බස්නාහිර පලාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග , පලාත් සභා අමාත්‍ය නිමල් ලංසා , යන මහත්වරුන්ද එලෙසම පලාත් සභාවේ මංතී‍්‍රවරුන්ද හිටපු නගරාධිපතිවරයා සහ හිටපු නාගරීක මංතී‍්‍රවරුන් ඇතුළු ආරධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.