මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙසින් කටයුතු කරන එම් .සාකාවුල්ලා ඉදිරියේදි පළාත් සභා මන්ත්‍රිධුරයක් ලැබ පළාත් සභාවට යැමෙන් පසු හිස්වන නියෝජ්‍ය නගරධිපති තනතුරු සදහා මේ වන විට නගාරික මන්ත්රිරුන් කීපදෙනෙකු අතර පොරයක් පවතින බව වාර්ථා වේ.
ඇමති නිමල් ලංසාගේ සොහොයුරා වන දයාන් ලංසා ,තමන් වැඩිම මනාප ගත් මන්ත්‍රිවරයා ලෙසින් තමන්ට එය හිමිවිය යුතු යැයි කියයි.
මේ අතර ෆරිස් මන්ත්‍රිවරයාට එය හිමිවිය යුතුයැයි පෙරියමුල්ල මුස්ලිම් පල්ලිය විසින් ඉල්ලා ඇතැයි වාර්ථා වන්නේ සකාවුල්ලා මුස්ලිම් ජාතිකයෙකු වු බැවිනි,මේ අතර තමන් නගර සභාවේ ජේෂ්ඨ මන්ත්‍රිවරයෙකු නිසා එම තනතුරු හිමිවිය යුතුව ඇත්තේ තමන් ට යැයි කියමින් කපිල නන්දසුලෝචන මන්ත්‍රිවරයා තනි සටනක නිරතව සිටි.
මේ අතර ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මනාප ලයිස්තුවේ තුන්වෙනි තැනට පත්වු චාමර මන්ත්‍රිවරයාද තමන්ට මනාප වලින් තෙවැන්නා බැවින් එය තමන්ට හිමි විය යුතු බව කියා සිටි.