මීගමුවේ නිවෙස් බිඳ දමා කළ සොරකම් කිරිම් 68 ක් ! මංකොල්ලකෑම් 34 ක් ?

0
140

theif 1

සමාජය තුළ සිදුවන අපරාධ පිළිබඳව ඒවායේ ස්වභාවය අනුව වර්ගීකරණයකට ලක්කරයි. මීගමුව පොලීසියේ මේ පිළිබඳව 2018 සහ 2019 වසර තුළ සිදුවූ විවිධ අපරාධ ගැන තොරතුරු සටහන් කර ඇත්තේ මෙසේය .
වරද , එහි ප්‍රමාණය සහ විසඳා ඇති සංඛ්‍යාව පිළිබඳව විමසා බැලූවිට ..

( 01)පැහැරගෙනයාම් -1 යි -එය විසඳා ඇත .

(02)අන්තරාදායක ආයුධ වලින් තුවාල සිදුකිරීම් -05 ක් වන අතර එය විසඳා ඇත .

(03) තුවාල සිදුකිරීම්

02 යි. එය විසදා ඇත .

(04) මනුෂ්‍ය ඝාතන –
3යි – විසඳා ඇත.

(05)වයස 16 ට අඩු කාන්තා දූෂණය කිරීම්  07 යි -ඉන් 06 ක් විසඳා ඇත

(06) බරපතල ලිංගික අපයෝජන 01 – තවම විසඳා නැත.

(07)ගිනිතැබීම් , පුපුරන ද්‍රව්‍ය වලින් වන අනර්ථ – 1 -විසඳා ඇත .

(08) ගෙවල් බිඳ දේපල සොරකම් කිරීම් – 68 යි. 35 ක් විසඳා ඇත .

(09) කොල්ලකෑම් – 34 යි . -ඉන් 17 ක් විසඳා ඇත .

(10) සාපරාධී විශ්වාසය කඩකිරීම් (මුදල් ආදිය) – 115 යි. 115 ම විසඳා ඇත .

(11) රු. 25000/කට වැඩි දේපල සොරකම් – 47 යි. ඉන් 23ක් විසඳා ඇත .

(12) ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය – 02 යි . දෙකම විසඳා ඇත .
2018 වසරේදී පැහැරගෙන යාම් , තුවාල සිදුකිරීම් , මනුෂ්‍ය ඝාතන සිදුවී නැත .
නමුත් අන්තරාදායක ආයුධ වලින් තුවාල සිදුකිරීම් 10ක් සිදුවී අැත . එ් අනුව 2019 දෙගුණයකින් පහල බැස ඇත . ගෙවල් බිඳීම්, කොල්ලකෑම් ,25000/ ට වැඩි දේපල සොරකම් , යනාදියෙහි 2018 සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කරයි.නමුත් සාපරාධී විශ්වාසය කඩකිරීම් වල වර්ධනයක් පෙන්නුම් කෙරේ.
එසේම 16ට වැඩි ස්ත්‍රී දූෂණ 2018 දී 03 ක් සිදුවී ඇත . නමුත් 2019 දී එකක් වත් සිදුව නැත .
මෙම අපරාධ පිළිබඳව කරුණු කිහිපයක් මතු කරන පොලීසිය ප්‍රධාන වශයෙන් මෙම තත්වයන් ඇති වන්නේ නොසැලකිළිමත්කම නිසා බව පැහැදිළි කරයි. අල්මාරියක ලාච්චුවේ හෝ එවැනි ස්ථානයක දමා නිවසින් පිට යන අවස්ථාවක හොරුන්ට එය සොරකම් කිරීමට පහසුය. වැඩි දෙනෙකුගේ රන් ආභරණ සහ මුදල් සොරකම් කෙරී ඇත්තේ මෙම තත්වය නිසා බව පොලීසිය දක්වන තොරතුරු අනුව පැහැදිළිවේ. වැඩි සොරකම් ප්‍රමාණයක් සිදුවන්නේ රාත්‍රි නින්දට යන 11ත් 12ත් අතර වේලාවක බව දැක්වේ.
මීගමුව , පොලීසිය අපරාධ වලක්වා ගැනීම සඳහා විශේෂ දැනුවත් කිරීම් සහ දිවා රාත්‍රි ජංගම සේවාවක් පවත්වාගෙන යන්නේ මෙම අපරාධ වල තත්වය පාලනය කිරීමේ අවශ්‍යතාව මතය.