මීගමුවේ ප්‍රධාන මාළු ලෙල්ලම් සියල්ල වසා දැමේ ?

0
220
දූව ලෙල්ලම
දූව ලෙල්ලම
දූව ලෙල්ලම

IMG_20200424_081507

පිටිපන මිසමේ ලෙල්ලම
පිටිපන මිසමේ ලෙල්ලම
ලෙල්ලම් පිහිටි ප්‍රදේශය අද පාලුවට ගොස් තිබුනු අයුරු
වම් පසින් දිස්වන්නේ සමුපාකාර ලෙල්ලමයි .ප්‍රධාන ලෙල්ලම් පිහිටි ප්‍රදේශය අද පාලුවට ගොස් තිබුනු අයුරු

( 9.15 am ) පවතින කොරෝනා තත්වය හමුවේ ලංකාවේ ප්‍රධාන ධිවර නගරයක් වන බරපතල ලෙස බලපා තිබේ. ඒ සිය ධිවරය රැකියාව මේ වන විට කරගැනිමට නොහැකි තත්වය මතුව තිබිම නිසාය.
පෑලියගොඩ මාළු වෙළද පොල අවදානම් ප්‍රදේශයක් බවට පත්විමත් සමගින් ඊයේ දිනයේ එහි ගැණුම්කරුවන්ද මිගමුවට පැමිණිමට පටන් ගැනිමත් සමගින් පොලිසිය මැදිහත්වි මංකුලයේ පිහිටි ලෙල්ලම් 2 කක් වසා දමා එක් ලෙල්ලමක් පමණක් විවෘත කිරිමට ඉඩ ලබාදිම එයට ඇතුළුවිම පාලනය කර තිබුණි.
ඒ අනුව ඊයේ දිනයේ ක්‍රියාත්මක වු පිටිපන විදිය දුව ලෙල්ලමද වන විට වසා දැමිමට එහි ව්‍යාපාරිකයන් විසින් තිරණය කොට තිබේ.
ඒ අනුව ඊයේ රාත්‍රියේ පිටපලාත්වලින් පැමිණිමට නියමිතව තිබු මාලු තොග නවතා ලිමටද ඔවුන් පියවර ගෙන තිබුණි.
එක් පැත්තකින් මාලු  අලෙවියේදි ඇති අවධානමත් අනෙකුත් ලෙල්ලම් වසා තිබියදි මේ ලේලලම පමණක් ක්‍රියාත්මක යන කරුණුද සැලකිල්ලට ගනිමින් මෙසේ අද දින සිට නැවත දැනුම් දෙන තුරු පිටිපන විදිය දුව ලෙල්ලමද වසා දමා තිබේ.
මේ අතර දැනට පොලිස් ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක ඇත්තේ කොටුව පිට්ටනිය අසල පිහිටි මාළු වෙළද පොල පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here