මීගමුවේ ප්‍රමිතියෙන් තොර තට්ටු ගොඩනැගිලි වල ගින්නක් ඇතිවුනොත් දෙයියන්ගේම පිහිටයිලු ?

0
82

මීගමුවේ බොහොමයක් තට්ටු ගොඩනැගිලි නිසි ප්‍රමිතියකින් තොරව තනා නොමැති නිසා ඒවායේ ඉහල මාලයන්හි හටගන්නා ගින්නකින් ඇතිවිය හැකි ජිවිත හා දේපල හානි වැඩිවිය හැකි බව ගිනිනිවන ඒකකයේ උසස් නිළධාරියෙකු පවසා සිටි.
පසුගිය දිනක මීගමුව බස්නැවතුම ඉදිරිපිට පිහිටි ගොඩනැගිල්ලක සිදුවු ගින්න සමබන්ධයෙන් මීපුර වෙබ් අඩවිය විසින් පළකර තිබුන පුවතකට ප්‍රතිචාර ලෙසින් ඔහු මේ බව සදහන් කර සිටියේය.
තවදුරටත් ඔහු පවසා සිටියේ බස්නැවතුම ඉදිරිපිට ගොඩනැගිල්ලේ පිටතින් තරප්පු පේලියක් සවිකර නොතිබිම බරපතල තත්වයක් බවය.
විශේෂයෙන්ම දහවල් කාලයේ ඒ පරිඝණක ආයතනයේ සිසුන් විශාල පිරිසක් අධ්‍යාපනය හදාරන බැවින් එවන් අවස්ථාවක මේ ගින්න ඇතිවුයේ නම් තත්වය තවත් බරපතල වන බවද පවසා සිටියේය.
මීගමුවේ ගොඩනැගිලි සදහා අදාල අනුමැතිය ලබාදිමට පගාව ගෙන කටයුතු කරන නිලධාරින් ගැන විශාල ලෙස දැනටමත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන තත්වයක් තුල ඉදිරියේදි නගරයේ ගිනි අවධානම වැඩිබවද සදහන් කර සිටින්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here