මීගමුවේ පාසැල් දරුවන්ට යළිත් අභ්‍යාස පොත් අරන් දෙන්න මන්ත්‍රිලාට ආසයිලු ?

0
257

booksමීගමුව නගර සභාව තුල විවිධ ගැහිලි අස්සේ ඇති අශික්කිතම ගැහැල්ල වන්නේ දුප්පත් පාසැල් දරුවන්ට දෙන පොත්වලින් නාගරික මන්ත්‍රිලා විසින් කරනු ලබන ගසා කෑමයි.
මේ පොත් ටෙන්ඩරය ක්‍රියාත්මක කිරිමට පින්වන්තයා වි ඇත්තේ එජාප නාගාරික මන්ත්‍රිවරයෙකි.
මේ අතැම් නගාරික මන්ත්‍රින් විසින් මේ අභ්‍යාස පොත් පොත්කඩවලට විකුණා අසුවිම නිසා පොත් මාමා යැයි නම්ද පටබැදි ඇත.
දැන් මේ නාගරික මන්ත්‍රිවරුන් කියා සිටින්නේ ලබන වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙර මීගමුවේ දුප්පත් පාසැල් දරුවන් හට මෙලෙස අභ්‍යාස පොත් ලබාදිම සදහා තමන් සියල්ලෝම මහත්වු ආසාවකින් පෙළෙන බවය.