මීගමුවේ පොත් මාමාලාගේ ඇක්සයිස් පොත් ගැහිලි ??

0
62

bookමීගමුවේ මහනගර සභාව විසින් වාර්ෂිකව දිළිඳු දරුවන් හට ලබාදිම සදහා රු ලක්ෂ ගණනක පොත් බෙදාදිමට වැඩ පිළිවෙලක් යොදා ඇත.ගිය වසර මෙසේ පොත් සදහා වැයකරන්නට යෙදුන මුදල රු ලක්ෂ 70 ක් පමණ වෙතැයි වාර්ථා වේ.දැනට පිට පිට වසර දෙකක් සදහා මේ පොත් ටෙන්ඩරය ලැබි තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ ලංසා හිතවාදි මන්ත්‍රිවරයෙකු වෙතය.
මේ මන්ත්‍රිවරයා හා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද මන්ත්‍රිවරුන් අතර ඇත්තේ දැවැන්ත ගණුදෙනුවකි.
ඒ නමට පමණක් පොත් ටිකක් ලබාගෙන ඉතිරිය මුදල් ලෙසින් ලබාගැනිමයි.මේ තත්වය හොදින් දන්නා සියල්ලෝම දරුවන්ට ඇක්සයිස් පොත් ලබාදෙනවා  වෙනුවට කරනු ලබන්නේ තමන්ගේ මඩිය තර කර ගැනිම සදහා මීගමුවේ දුප්පත් දරුවන් හට ලැබිය යුතු අයිතිය තමන්ගේ සුභ අනාගතය වෙනුවෙන්  ආයෝජනය කරගැනිමයි.
මේ පිළිබදව අප මාධ්‍ය මගින් අවස්ථා ගණනාවකදිම හෙළි කර ඇත්තෙමු.
එයට ප්‍රතිචාර පිණිස ඊයේ රාත්‍රියේ අප ඇමතු ආණ්ඩු පක්ෂයේ කපිල නන්දසුලෝචන මන්ත්‍රිවරයා පවසා සිටියේ තමන්ගේ කොට්ටාශයේ සිටින ගිහාන් මන්ත්‍රිවරයා ලබාගන්නා පොත් දරුවන්ට බෙදා නොදෙන බවය එමෙන්ම නග සභාවට තමන් ලබාදුන් අයගේ ලයිස්තු ඉදිරිපත් කර නැති බවය.
විරුද්ධ පක්ෂය ගැන උනන්දු වු මේ මන්ති්‍රවරයා තමන් විසින් ලබාදුන් ලමුන්ගේ ලයිස්තුව ගැන හෝ ආණඩු පක්ෂයේ අනෙක් මන්ත්‍රිවරුන්ගේ පොත් සෙල්ලම ගැන කිසිවක් කියා සිටියේ නැත.
පසුගිය වසර දෙකේදිම වැඩිම පොත් ලබාගත් නාගරික මන්ත්‍රිවරයා වුයේ උපනගරාධිපති එම් සකාවුල්ලා මහතාය.
එහෙත් ඔහු මේ පොත් සියල්ලම දරුවන්ට ලබාදුන්නේදැයි දන්නේ ඔහු ත් පොත් ටෙන්ඩරය හිමි සජිත් මොගන් මන්ත්‍රිවරයාත් පමණි.
මේ පොත් ගැහැලි පිලිබදව විශේෂ වාර්ථාව තවත් නොබෝ දිනකින් අප පාඨකයන් වෙත ඉදිරිපත් කරන්නෙමු.