මීගමුවේ පොහොට්ටු අයවැය දිනවා දුන් විපක්ෂ නායකත් කතරගම සවාරියේ ! ?

0
93

UNP mp sමීගමුවේ පොහොට්ටු අයවැය විවාදයකින් තොරවම දිනවා දිමට අත් ඔසවා සහය පළකළ  විපක්ෂයට නගරාධිපති දායන් ලංසා විසින් ලබාදුන් සුපිරි කතරගම සවාරියේ අද දෙවන දිනයයි.
මේ ගමනට විපක්ෂ නායක රවි ජීවානන්ද එක්ව සිටින බව වාර්තාවේ.
මේයට අමතරව එජාප නාගරික මන්ත්‍රවරුන් වන ගෝමස්,නිව්මන්,මනෝජ් යන අයද එක්ව සිටිති.
එජාප නාගරික මන්ත්‍රි නස්මියාර් මේ වන විට කතරගම බලා එමින් සිටින බවද වාර්ථාවේ.
ගිහාන් බෙන්ජමින් මන්ත්‍රිවරයාද මේ ගමනට එක්වන්නට සිටියද අසනිප තත්වයෙන් සිටි නිසා ගමනට එක්ව නැතැයි කියැවේ. කෙසේ වෙතත් මේ ගමනට පොහොට්ටුවේ කාන්තා මන්ත්‍රිවරියන් බහුතරයක් සිය අකැමත්ත දක්වා ඇතැයි කියැවුනේ කතරගම දුෂ්කර පළාතක් යැයි කියාය.ඔවුන් නගරාධිපතිවරයාගෙන් නුවරඑළි සවාරියක් ඉල්ලා ඇතැයිද සැලය.
මීගමුව තුල පොහොට්ටුව විසින් ගෙනයනු ලබන සකලාකාර වංචා දුෂණ වලට මික් නොකියන විපක්ෂය අද බදුගෙවන ජනයාගේද පිළිකුලට ලක්වන්නට පටන් ගෙනය.
එහෙත් පොහොට්ටුවේ වාසි පැකේජය එ සියල්ලටම වඩා වැදගත් යැයි සිතන ඇතැම් විපක්ෂ මන්ත්‍රිලා සැබැවින්ම මිගමුවේ එජාප පාක්ෂිකයන්ට පස්ස පෙන්වා නගරාධිපතිගේ දපනයට වැටි ඇත.
එවන් එජාප දේශපාලන නායකයන් සමගින් මහමැතිවරණයක් කරන්නේ කෙසේ දැයි පාක්ෂිකයෝ විමසති.