මීගමුවේ පොහොට්ටු දේශපාලනය තවත් අර්බුදයක !

0
95

nimal saka sarathපසුගිය පළාත් පාලනය තුල මුලු ඡන්ද කොට්ටාශ 29 න් 19 ක් දිනාගෙන එජාපය වඩාත් ශක්තිමත් තැනක සිටිමින් පොහොට්ටු දේශපාලනය නන්නත්තාර කරවු  ආකාරයත් පසුව විවිධ වරදාන හරහා නගර පාලනය උදුරාගත් බව අප හොදින් දනිමු.
එහිදි ශ්‍රිලනිපය විසින් පොහොට්ටුවට සහය දැක්විම සදහා පෙරට පැමිණිමද තීරාණාත්මක සාධයක් විය.
ඒ සදහා මුල් වු ප්‍රබල දේශපාලන චරිතයක් ද විය.
එහෙත් අද ඒ දේශපාලන චරිතය පොහොට්ටුව හා සමිප ගණුදෙනුවක සිටින බවක් නොපෙනේ.
එයට ප්‍රධාන හේතුව ලෙස පෙනි යන්නේ මිගමුව තුල පොහොට්ටුව එකාධිපති අයුරින් පාලනය කරමින් සිටින පවුලක් පිළිබදව ඇති දැඩි විරෝධය බව මිගමුව දේශපාලන සමාජය තුල කථා බහට ලක් වෙමින් තිබිමය.
දේදුණු නගරයක් වු මිගමුවේ දමිල මෙන්ම මුස්ලම් ඡන්ද ඉතාමත් තිරාණාත්මකය.
මෙවර කිසිසේත්ම මුස්ලිම්  දමිළ ඡන්ද පොහොට්ටුවට ලැබෙන්නේ නැත.
දැන් තවත් තිරාණාත්මක අර්බුදයකි.
එනම් ශ්‍රිලනිපය විසින් පොහොට්ටුවට සහය දිමට ගනු ලැබු තිරණයයි.
මේ තිරණයට සිය දේශපාලන එකගතාවය කිසිසේත්ම දිය නොහැකි බව මිගමුවේ ජේෂ්ඨ ශ්‍රිලනිප ක්‍රියාකරිහු රැසක් දැනටමත් අවධාරණය කොට තිබේ.
මේ සියලු වර්ධනය තුල මුස්ලිම් ජනයා අතර සිය ජනප්‍රියත්වය තවදුරටත් රදවා තබාගෙන සිටින මිගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු ඉදිරියේදි ගනු ලබන දේශපාලන තීන්දුව මිගමුවේ පොහොට්ටු දේශපාලනයට තවත් තිරාණාත්මක වනු නියතය.
දැනට සිය ස්ථාවරය සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් කර නැති මේ දේශපාලකයාගේ  තින්දුව හෙට දවසේ කුමක් විය හැකිද  ?