මීගමුවේ පොහොට්ටුවේ තරුණ බලමණ්ඩලයේ සභාපතිගේ වයස අවුරුදු 42 යි !

0
167

MC youthමීගමුවේ පොහොට්ටුවේ තරුණ බලමණ්ඩලය පසුගියදා මීගමුව මහනගර සභාවේදි පිහිටුවන ලදි.සාමාන්‍යයෙන් සිදුවිය යුතුව ඇත්තේ කොට්ටාශ මට්ටමෙන් තරුණ බලමණ්ඩල පිහිටුවා එහි ආසන මට්ටමේ එක මේ අකාරයෙන් පැවැත්විමය.
එහෙත් පසුගියදා නගර සභාවේදි සිදුව තිබුනේ එක්තරා අන්දමේ මාධ්‍ය සංදර්ශණයකි.
ලබන සතියේ මෙය යළි කැදවෙන්නේ නම් එහිදි අපට දැකගත හැකිවනු ඇත්තේ වෙනමම මුහුණුය.
ඒ තතු කෙසේ වුවද මෙහිදි හෙළිදරව්වු වැදගත්කම කරුණ වන්නේ  මිගමුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයාන ලෙසින් පත්කරගත්  තැනැත්තාගේ  වයස අවුරුදු 42 ක් බවය.
පළාත් පාලන නිති ප්‍රකාරව තරුණයෙකු සේ සලකන්නේ වයස අවුරුදු 35 ට අඩු අයවලුන්ය.
තරුණ අපෙක්ෂකයන් ලෙසින් ලයිස්තුවට යොදනු ලබන්නේ ඒ අනුව 35 අඩු තරුණයන්ය.
නීතියේ පාලනයක් නැති පවුල් පාලනයක් පමණක් ඇති මිගමුවේ පමණක් මෙවන් දැ සිදුවුවද අප විටෙක ඒවා ගැන පුදුම විය යුතුද නැත..
ජේෂ්ඨ දේශපාලකයෙකු වු සරත් ගුණරත්න මහතාට මීගමුව පොහොට්ටුවේ ආසන සංවිධාකයා ලෙසින් මේ පිළිබදව සැබැවින්ම ඇත්තේ ලැජ්ජාවක් විය යුතුය.