( 6.30 am) යම් අපහසුකම් මැද හා අවදානම් මැද වුවද මිගමුවේ ප්‍රධාන ලෙල්ලම් සියල්ල දැන් ක්‍රියාත්මකය. අදත් සැලකිය යුතු පිරිසක් මාළු මිලදි ගැනිම සදහා ලෙල්ලම් වලට පැමිණ ඇතැයි වාර්ථාවේ.
කෙසේ වෙතත් පොලිසියේද සහය මත තත්වය පාලනය කරගනිමින් මාළු වෙළදාම සිදුකරගෙන යන බව අප කළ විමසුමකදි ධිවර ව්‍යාපාරිකයෙකු පැවසිය.
අද දිනයේ බහුලවම දකින්නට ලැබෙන් බලය වර්ගයේ මසුන්ය.
එමෙන්ම කලින් දිනවලටත් වඩා එහි මිළ අද පහලට ගොස් තිබේ. රු 230 ක් ලෙසින් අද බලයා කිලෝවක මිළ තිරණය වි තිබේ.