මීගමුවේ බේබදු රියදුරෙකු නිසා මිය ගිය ගිලන් රථ රියදුරා ගැන කිලිනොච්චියම කම්පා වෙයි

0
149

kili driver 1පසුගිය 10 වනදා අලුයම මීගමුව බාල්දි හංදියේදි සිදුවු රියඅනතුරකින් ජිවිත්ක්ෂයට පත්වු  කිලිනෝචිච රෝහලේ රියදුරා ගැන මුළු කිලිනොච්චිම කම්පාවට පත්ව ඇති බව එහි සිටින අපගේ මාධ්‍ය මිතුරන් විසින් කියා සිටි.
වසර 2001 දි ගිලන් රථ රියදුරෙකු ලෙස කිලිනොච්චිය රෝහලට සම්බන්ධ වු ඔහු දෙදරු පියෙකි.
වයස අවුරුදු 13 කු පිරිමි දරුවෙකුද අවුරුදු 20 ක දියණියකද ඔහුට වේ .
මේ සම්බන්ධයෙන්  අප කළ විමසුමකට පිලිතුරු දෙමින් කිලිනොච්චියේ මාධ්‍ය සගයන් තවදුරටත් කියා සිටියේ යුද්ධය පැවැති භිෂණය සමයේ ඔහු තම ජිවිතයද නොතකා රෝගින් රැගෙන බෝම්බ පිපිරෙන භුමියේ සැම අස්සක් මුල්ලක් නෑරම සිය ගිලන් රථ රියදුරෙක් ලෙස සේවය ලබා දි ඇති බවය.kili driver 3
එබැවින් ඔහු විසින් බේරාදුන් ජිවිත අපමණ යැයි ද ඔවුන්ද ඔවුහු අවධාරණය කර සිටියහ.
යුද්ධය නිමාවි අවතැන්ව සිටි ජනයා යළිත් කිලිනෝචිචියට පැමිණි සමයේ ඔහු විසින් දෙමව්පියන් නැති දරුවන් දෙදෙනෙකුද දරුකමට හදාගන්නට පටන් ගෙන තිබේ.
47 වියැති යෝගරත්නම් රාජේන්ද්‍රන් ගනේෂපුරම් හි පදිංචිකරුවෙකු විය.
ගිලන් රථ රියදුරෙකු රාජේන්ද්‍රන් ලැබු  රු 30000 ක තරම් වු වැටුපෙන් ඔහු දරුවන් හතර දෙනෙකු නඩත්තු කළ විශාල හදවත් සතුවු  උතුම් මිනිසෙකු විය.

dav

accidenr car 1

accident car 3
මෙවන් උතුම් මිනිසෙකුෙග්  ජිවිතය උදුරා ගත් ,මීගමුවේ බේබදු තරුණ  රියදුරා සුපිරි රථයක නැගි අනික් අයගේ ජිවිත ගැන කිසිදු වගකිමක් නැතිව පාර හරහා සිය මෝටර් රථය පදවා තිබුණි.ඔහු පැදවු රථයේ ආරක්ෂිත බැලුන වහා ක්‍රියාත්මකව ඇති නිසා කිසිදු ජිවිත අවදානමක් ඔහුට මතුව නොතිබුණද ඔහු විසින් බිලිගෙන තිබුනේ උතුරේ දහස් සංඛ්‍යාත ජිවිත අවධානම් සහිත රෝගින්ගේ ජිවිත බේරා දිමට මුල්වු උතුම් වු  මිනිසෙකුගේ  ජිවිතය බව ඔහුද නොදන්නවා විය හැක.
මේ බේබදු රියදුරා 25 වියැති  මීගමුව පන්සල් හංදියේ පංදිකරුවෙකි.

Save

Save

Save

Save