මීගමුවේ මංකොල්ල කෑම් දෙකම සිදුකර ඇත්තේ 17 වෙනිදා.සැලැස්මක්ද?අහම්බයක්ද?.

0
400

මීගමුව නගරයේ සිදුකර ඇති මංකොල්ල දෙකම සිදුකර ඇත්තේ 17 වෙනිදාවක විම විශේෂත්වයකි.
ජුවෙල් ලංකා ආයතනයේ මංකොල්ලය සිදුකෙරුනේ 2014 පෙබරවාරි 17 වෙනිදා දවල් 1.30 පමණය.
මීගමුවේ පිහිටි පැරණි හා ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි සලක් වු පුෂ්පා ජුවලරි ආයතනය කොල්ල කන්නේ අප්‍රේල් 17 වෙනිදා රාත්‍රි 7.35 ට පමණය.
මෙය කිසියම් සංවිධානාත්මක කල්ලියක සැලැස්මක්ද ?
නැතිනම් අහම්බයක්ද?
දැනටමත් නිති විරෝධි ලෙසින් මුදල් හම්බකරනු ලබන දේශපාලකයන්ද මේ පිටුපස සිටිද? මේ රට තුල ක්‍රියාත්මක අපරාධ රැසකට පොලිස් නිළධාරින්ද හවුල් බවට තොරුතුරු රටපුරා මතුවෙමින් තිබේ.
මීගමුවේ පොලිසියේ ඇතැමුන්ද මෙයට හවුල්ද?
යන ගැටළු රැසක් මතුවෙමින් තිබේ.
කෙසේ වෙතත් මෙම මංකොල්ලයන් විසින් මීගමුවේ ව්‍යාපාරික ප්‍රජාව බරපතල අර්බුදයක හෙළා ඇත.