මීගමුවේ මාළු මිළ තරමක් පහලට…කාර්ගිල්ස් මිළටත් එහා ගිය සාලයාගේ ගණන් බසී…

0
472

පසුගිය සති කිපය පුරාම ඉතාමත් ඉහල අගයක පැවැති මිගමුවේ මාලු මිළ ඊයේ දිනයේ සිට තරමක් පහලට පැමිණ තිබුනේ මාළු තොග යළි මිගමුවේ ලෙල්ලම් කරා පැමිණෙන්නට පටන් ගෙන තිබිම නිසාය.

ඒ අනුව ඇතැම් මසුන්ගේ මිළගණන දෙගුණයකින් පමණ අඩුවු බව මිගමුව ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.

නිදහසුනක් ලෙසින් පසුගිය කාලය තුල කාර්ගිලිස් ෆුඩ් සිටියේ මිළටත් ඉහල මිළකට ගිය සාලයා කිලෝවක මිළ තරමක් පහළට ඊයේ පැමිණ තිබුණි.
කාර්ගිල්ස්හි සාලයා කිලෝව රු 120 ක් පමණ වෙද්දි මිගමුවේ ලෙල්ලමේ සාලයා කිලෝවක් රු 300 ටත් ඉහල මිළකට අලෙවි වෙමින් තිබුණි.

එහෙත් ඊයේ දිනයේදි එය රු 150 ත් 200 ත් අතර අගයකට පහල බැස තිබුණි.
මිගමුව ධිවර ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ ඉදිරි දින කිපය තුල මාළු තොග පැමිණිමට හැකි බැවින් ඉහල ගිය මිළෙහි තරමක පහලයෑමක් සිදුවෙතැයි අපේක්ෂා කරන බවය.