මීගමුවේ යථාර්ථය ගැන හරි හැටි නොදන්නා ප්‍රධාන නිලධාරිනියන් සහ සම්බන්ධිකරණ කමිටුව

0
139

( 2.30 pm ) මීගමුව නගරය අරභයා එහි සංවර්ධන කටයුතු ඇතුලුව දැනට මතුව ඇති ප්‍රධාන සහ තිරාණාත්මක කරණු රැසක් හෙට ( 17 ) පැවැත්විමට නියමිත මිගමුව සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි අවධානයට යොමුකෙරෙනු ඇතැයි මිගමුවේ දේශපාලනය ගැන උනන්දු ඇති බොහෝ දෙනා මෙන්ම මාලිමාවේ ක්‍රියාකාරින්ද බලා සිටිති.

බිච් පාක් කුමන්ත්‍රණය මේ අතර ඇති ප්‍රධානම කරුණයි.

පසුගිය දිනක මිගමුවේ මාලිමා ක්‍රියාකාරින් නව කොමසාරිස්වරිය සමගින් පැවැති විශේෂ සාකච්ජාවකදිද මේ ප්‍රශ්ණ ගැන ඉතා පැහැදිලි ලෙසින් විග්‍රහයක් ඉදිරිපත් කරමින් කියා තිබුනේ බිච් පාක් එක නගර සභාව හරහා ටෙන්ඩර් කිරිමට අවැසි නම් එයට අදාලව කිසිදු ගැටළුවක් නොමැති බවය.

එහෙත් මේ යථාර්ථය ගැන නිසි අවබෝධයක් මිගමුව ප්‍රාදේශිය ලේකම් තුමියට හෝ නව කොමසාරිස්වරියට ඇතිද යන්න සැබැවින්ම සැක සහිතය.

පසුගිය දිනක නියෝජ්‍ය ඇමතිවරුන් දෙපලක්ද සමගින් බිච් පාක් එකේ සිදුකරනු ලැබු නිරික්ෂණය චාරිකාවේ මිගමුව ප්‍රබල මාලිමා ක්‍රියාකාරියෙකු වන වෛද්‍ය හෙන්රි මේ ගැන කරනු ලැබු පැහැදිලි කිරිමට සාවධානව ඇහුම්කන් දිමට හෝ සැබෑ උවමනාවක් මිගමුව ප්‍රාදේශිය ලේකම් තුමියට තිබුනාද යන්න සැක සහිත යැයි අප කලින් පළකරන ලද පුවතක සදහන් කළෙමු.

ලංසා පවුලේ මෙන්ම මිගමුවේද මර්මස්ථානයක් බදු වු බිච් පාක් එක මාලිමා රජය බලයට පැමිණ දින 100 ක්ද ගතව තිබුණද කිසිදු වෙනසක් සිදුනොවී  ලංසා පවුල විසින් නිති විරෝධි ලෙසින් රථ ගාලෙන් මුදල් අයකරමින් සිටිති.

ඡන්ද 54000 කටත් වැඩියෙන් ගෙන දැවැන්ත ජයග්‍රහණයක් සනිටුහන් කරමින් මැතිවරණයද දිනා දුන් පසුවද ලංසා පවුල තවමත් රඟන්නේ නම් ඒ වැරැද්ද ඇත්තේ වැඩ බැරි ටාසන්ලා හේතුකොටගෙනය

හෙටවත් මේ තත්වයට  නම්බුකාර පිළිතුරක් දිමට සම්බන්ධිකරණ කමිටුවේ ප්‍රධානින් වග බලා ගත යුතුය තිබේ.
දුෂණ වංචා වලට කප් ගැසු විපක්ෂෙයේ හොර නඩය මාලිමාවට එරෙහිව සිදුකරමින් සිටින අවලාද මිගමුව අරභයා සිදුකිරිමට කිසිදු ඉඩක් නොතැබිමේ වගකිම් ගම්පහ දිස්ත්‍රික්ක මාලිමා ප්‍රධානින් වෙත පැවරි ඇති අත්හල නොහැකි වගකිමක් වේ

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here