මීගමුවේ රෝහලේ ඩෙංගු මරණ 19 ක් ! ඩෙංගු විශේෂ ඒකකයටත් ජිවිත බේරගන්න බැරි වෙයි !

0
239

ward no 3 aමීගමුව ඩෙංගු විශේෂ ඒකකය වරෙක ලෝකයේ හොදම ඩෙංගු ප්‍රතිකාර මධ්‍යස්ථානය යැයි ඇතැමුන් සහතික ලබාදි තිබුණි.
තවත් අය කියා සිටියේ එය ආසියාවෙම හොදම එක යැයි කියාය.
කෙසේ වෙතත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.
මන්ද පසුගිය මාස 3 ක කාලය තුල ඩෙංගු විශේෂ ඒකකයක්ද පවතින මීගමුව රෝහල තුල රෝගින් 19 ක් මිය යන තත්වයක් නිර්මාණය වි තිබිමය.
මීගමුව තුල ඩෙංගු අධිවසංගත තත්වයක් නිර්මාණය විමත් අවට ප්‍රදේශවලින් විශාල රෝගීන් පිරිසක් මිගමුව රෝහල කරා පැමිණිමත් නිසා කාර්ය මණ්ඩල මෙන්ම  ඉඩකඩ පහසුකම් පිළිබද ප්‍රශ්ණද නිසා මුල් කාලය තුල ආසාධ්‍ය තත්වයට පත්වු ඩෙංගු රෝගීන් බේරා ගැනිම මහත් ගැටළුවක්ව පැවතුණි.
එමෙන්ම තවත් හේතුන්ද මෙහිදි බලපා තිබුණි.
මෙසේ වන්නේ ඇයිද යන්න ගැන මීගමුව රෝහලේ ඩෙංගු විශේෂඥයන් හැටියට සිටින සැම විසින් නිසි ඇගයුමක් කර තිබේද යන්න ගැටළු සහගතය.
මේ සියළු මරණ පිළිබදව වෛද්‍ය විද්‍යාත්මක පසුවිපරමක් සිදුකරන්නේ නම් ඒවාට තුඩු දි ඇති හේතු සොයාගැනිම රෝහල පැත්තෙන් සායනික කටයුතු වර්ධනයට මෙන්ම මහජනයාගේ පැත්තෙන් සිදුව ඇති අතපසුවිම් ගැනද දැනගන්නට ඉඩලැබෙන අතර ඒවා මහජනයා දැනුවත් කිරිමට අදාලව ඉතාමත් වැදගත් වේ.
මීගමුව රෝහල තුල මේ පිළිබදව ඇගයුම් කිරිම සදහා විශේෂ ඒකකයක් ඇති බවත් ඒ ගැන වගකිම භාරව සිටින වෛද්‍යවරියක්ද සිටින බවත් වාර්ථා වේ.
එබැවින් මේ පිළිබදව නිවරදි ඇගයුමක් කිරිම  අත්‍යවශ්‍යව පවති.ward 04 a

Save

Save