මීගමුවේ, විශ්වීයත්වය, සහජීවනය සහ විවිධත්වය සමරන ‘ සංග්‍රහ ‘

0
218

 

” කාන්තාව සහ මාධ්‍ය සාමුහිකය ” සංවිධානය කරමින් ඉදිරිපත් කරන “”සංග්‍රහ”” ප්‍රදර්ශනය අද එනම් 2024/08/29;වැනි බ්‍රහස්පතින්දා දින පෙරවරුවේදී, මීගමුව, රුක්මණී දේවී ශාලාවේදී ආරම්භ විය.
මීගමුව පුරවරයේ ඉතිහාසය පිරික්සමින් මීගමුව පුරවරය තුළ පවතින බහු සංස්කෘතික ,වාර්ගික,ආගමික ආභාෂයන්ගේ විවිධත්වය  පිළිබඳව අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය සංවිධානය වී තිබේ.

ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස මීගමුව,ශාන්ත ස්ටෙෆාන් දේවස්ථානයේ, එස්.එල්.ඩබ්ලි්‍යු. පද්මසිරි පියතුමා  එලෙසම මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, සහකාර ප්‍රාදේශීය ලේකම් ,මැණික් සේනානායක මහත්මිය සහ ලෝක ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.එලෙසම මේ ආරම්භක අවස්ථාවට මීගමුවේ පාසල් සිසි දරු දැරියන් පිරිසක්ද සහභාගි වූහ.‍

මෙම “” සංග්‍රහ “” ප්‍රදර්ශනය අද ,හෙට සහ අනිද්දා එනම් අගෝස්තු 29/30/31 යන තෙදින තුළ පෙරවරු 10.00 සිට පස්වරු 7.00  දක්වා කාලය තුළ, මීගමුව රුක්මණී දේවි ශාලාවේදී නොමිලේ නැරඹීය හැකිය.