මීගමුවේ වෙරළේ අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම අද නොවේ හෙටයි !

0
251
අනවසර ඉදිකිරිම්
ලංසාගේ පාලනයේ ආධාරකරුවන් පිරිසක් විසින් පවත්වාගෙන අනවසර ඉදිකිරිමක්

(5.00 pm ) වසර ගනනාවක සිට මීගමු වෙරලේ අනවසර ඉදිකරීම් ඉවත් කිරීමට අදාල කරුණු කාරණා සාකච්ඡා වෙමින් පැවතින. අවස්ථා ගනනාවක මේ පිළිබදව ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් වාරවලදී මෙය මතුකෙරින. ආසන්නවම පසුගිය මැයි 17 වනදාද මේ ගැන සාකච්ඡා වූඅතර අදාල සිහිකැදවීම්ද සිදුවිය.නමුත් තවමත් ක්‍රියාත්මකවීමට අදාල හඩක් නැගෙන්නේ නැති හෙයින් මීට අදාල ප්‍රධාන ආයතනය වූ වෙරලසංරක්ෂණයේ නිලධාරි මහතුන්ගෙන් විමසීම සදහා දුරකතනයෙන් ඔවුන් ඇමතුවෙමු.
නමුත් ඒ උත්සාහය නිෂ්ඵල වූයෙන් මේ සම්බන්ධව උනන්දුවකින් කටයුතු කළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති එ. ජා. . ප්‍රධාන සංවිධායක රොයිස් විජිත මහතාගෙන් මේ ගැන විමසා සිටියෙමු.
ඔහු ප්‍රකාශ කලේ කුමන හේතුවකින් හෝ මෙම යෝජනාව ක්‍රියාත්මක වීම ප්‍රමාදවී ඇති හෙයින් ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට ඉදිරිපත්කළ බවයි.
වෙරලසංරක්ෂණ පනත ඉතා බලගතු පනතක් වන හෙයින් මෙය මගහැරීමේ හැකියාවක් නැත. නමුත් හිරවී ඇත්තේ කොතනදැයි විමසා බැලීමේ අවශ්‍යතාවයක් ඇත.

මීගමුව සංචාරක පුරවරයක් ලෙස සැළකීමේදී ස්වභාවිකව පිහිටාඇති වෙරලතීරය නිසා එමගින් නිර්මාණයවී ඇති සුන්දරත්වය සංචාරකයින් ඇදගැනීමෙහිලා ප්‍රබල බලපෑමක් ඇතිකරන්නකි.
නමුත් අදවනවිට මේ තත්වය වෙනස්කරමින් තම පුද්ගලික අවශ්‍යතා මත කටයුතු කිරීම නිසා මෙම වෙරලතීරය විනාශ වෙමින් පවතී. මීට ප්‍රධාන හේතුවක් වන්නේ වෙරලතීරයේ ඉදිකර ඇති අනවසර ගොඩනැගිලි සහ විවිධ මිනිස් ක්‍රියාකාරකම් මත සිදුවන දෑ නිසාය.
මීගමුවේ අනවසර දේවල් සදහා අවසරදීමේ ඉතිහාසයක් ඇත.
ඇලවල් උඩින් ගොඩනැගිලි ඉදිවුනේ ඒ අනුවය.
මෙහිදී පරිසරය ගැනහෝ ප්‍රමිතීන් ගැනහෝ සොයා බලන්නට වුවමනාවක් හෝ කාලයක් ඉහතකී පරිදි මේවාට අවසරදුන් බලධාරීන්ට නැත. ඒනිසාම ජනතාවට ඒවායේ අහිතකර ඵල භුක්ති විදින්නට සිදුවී ඇත. මේ අතරට විවිධ දුරාචාර, නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළදාම ආදිය ගැනේ.
මෙය වැඩී වර්ධනය වූයේ ලංසා පාලනයට පිංසිදු වන්නටය. අද විනාශකරන්නාටම ගොඩනගන්නා විය හැකිදැයි මේ නගරය තුළ මතුවී ඇති ප්‍රධාන ප්‍රශ්ණයකි.
මන්දයත් අද ඔවුන් හැසිරෙන්නේ තමන් විසින් මේ නගරයට කිසිදු අවැඩක් නොකළ දේවදුතයන් ලෙසිනි.
එම නිසාම මේ අයගේ ඉතිහාසය ගැල බැදි කරත්ත රෝදය මෙන්ම ඉදිරියට ඇදෙමින් ඇති බව පමණක් මීගමුවේ ප්‍රගතිශිලි ජනයා අමතක නොකළ යුතුව තිබේ.