දුෂණයට වංචාවට එරෙහිව කටයුතු කරන බවත් කිසිවිටක ඒවාට සහය නොදෙන බවත් කියමින් පසුගිය වසරේ ලේවලින් අත්සන් තැබු ශ්‍රීලනිප මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රීවරියන් ලංකාවේ ඇති දුෂිතම නගරපාලනය පිහිටුවීම සදහා පසුව පෙළගැසෙනු.සාමාන්‍ය ව්‍යවහාරයේදි ලේ වලින් අත්සන් කරනවා යැයි කියන්නේ ඒ තරම්ම විශ්වාස යැයි කීමක්ය.එහෙත් මීගමුවේදි ඒ ශ්‍රීලනිප මන්ත්‍රීලා සිය ලේ වලටත් නිගාදෙමින් මැරයෙකු පාදඩයෙකු නගරයේ ප්‍රධාන පුරවැසියා කිරිමට පියවර ගති.එවන් අශ්ශිල දේශපාලන ගැත්තන් යළිත් වරක් දැන් මුදලට විකිණෙමින් සිටිති.ගෝඨාට වැඩකරනවා නම් ත්‍රීවීල් එකක් අරන් දෙනවා යැයි ලංසා මේ එක් ශ්‍රීලනිප මන්ත්‍රීවරයෙකුට කියා තිබුණි.තවත් අයට තවත් පොරොන්දුන්ය.රටපුරා ශ්‍රීලනිප දේශපාලකයන් රාජපක්ෂලාට එරෙහිව ශ්රීලනිපය රැකගැනිමට පෙරමුණ ගනිද්දි මීගමුවේ දුෂිත ශ්‍රීලනිප දේශපාලකයන් සිය සුපුරුදු ලැජ්ජානැති දේශපාලනයක නියැලෙන්නට පටන් ගෙනය.සැබැවින්ම ලංසාලට අද සිටිනුයේ ලේ අත්සනත් පවා දුන් ජඩයන් පිරිසකි.