මීගමුවේ සංවර්ධන කමිටු රැස්විම අසංවිධානාත්මකයිද?

0
82

(10.40 am )නව පාලනය යටතේ පවත්වනු ලබන මිගමුවේ පළමු සංවර්ධන කමිටු රැස්විම  ඉතාමත් අසංවිධානාත්මක එකක් බවට දැනටමත් පත්ව ඇතැයි වාර්ථා වෙයි.

ක්‍රිඩා නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න මෙහි සභාපතිවරයා ලෙස කටයුතු කරන බව සැලය.

කෙසේ වෙතත් දැනුම් දිම් පමණක් නොව ස්ථාන වෙන්කර ගැනිමේදි පවා ප්‍රමාදයන් රැසක් සිදුව ඇති බව දැනගන්නට ඇත.මෙම රැස්විම අද (19) පෙ.ව 11.30ට පැවැත්වීමට නියමිතව ඇත.

මෙතරම් සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරයක් මෙතරම් අවිධිමත් ලෙසින් කටයුතු කිරිම ගැන මිගමුවේ ජනබලවේගයට සහය පළ කළ අය⁣ පවා සිය නොසතුට පළකර සිටිති.දශක ගණනාවක් තිස්සේ පවුල් පාලනයකට නතුව තිබුණ කප්පරක් ප්‍රශ්ණ ඇති මිගමුවට නිවරදි ශක්තිමත් නායකත්වයක් ඇවැසි බව මිගමුවේ ජනබලවේගයේ ක්‍රියාකාරිහු අවධාරණය කර සිටිති.

පළාත් පාලන ඡන්දයට වැඩ බැරි ටාසන්ලා නම් එපා යැයිද ඔවුන් කියා සිටිති.මිනිසුන්ගේ සැබෑ ප්‍රශ්ණ වෙනුවෙන් ඇත්ත මැදිහත් විම් නොකල අයද මෙහි මුල්පුටු වෙනුවෙන් ඇස ගසාගෙන සිටින බවටද කසුකුසුවක් පවති.

ලංසා පාලනය විසින් පලාත් පාලන නීතිය පවුලේ නීතිය බවට පත්කර⁣ගෙන කරන ලද සකලාකාර වංචා දුෂණ බය නැතුව හෙළිදරව් කරමින් වගකිය යුතු අයට දඬුවම් දිය හැකි නිර්භීත නායකත්වය මිගමුවට දැන් අවැසිව තිබේ.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here