මීගමුවේ සියලුම පාසල් විදුහල්පතිවරුන්ගේ අවධානය පිණිසයි!

0
437
              කසල කළමනාකරණය මීගමුවට පමණක් නොව අප රටටම විශාල අර්බුධයක් වී ඇත.විශේෂයෙන්ම කසල කළමනාකරණයේදි  පරිභෝජකයින් හැටියට අප විසින් ස්වයං පාලනයක් තිබිය යුතුය.එය රටත් වගේම අප නගරයත් පිරිසිඳුව තබා ගැනීමට ඉවහල් වෙනු ඇත.මීගමුව මහ නගර සභා සෞඛ්‍ය අංශය විසින් මේ වන  විට පාසල් හරහා කසල කළමනාකරණය පිළිබඳ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටකටයුතු කරගෙන යමින් පවති. ඒ සඳහා පාසල් හරහා ලැබිය යුතු සහය පිළිබඳ පාසල් විදුහපතිවරු දැනුවත් කර තිබේ.නමුත් මෙම වැඩපිළිවෙල සඳහා බලාපොරොත්තු වෙන සහය පාසල් හරහා නොලැබෙන බවට අදාල බලධාරින් මැසිවිලි නගන බව  මීපුරට දැනගන්නට ලැබි ඇත.
HanthanaSchoolLabs01.සමාජයක් වෙනස්  කිරීමට ප්‍රමුඛ හැකියාවක් තිබෙන්නේ පාසල් වලටය. සමාජය ගොඩනගන ප්‍රාථමීක ඒකකය වන පාසලක් ලෙසින් මේ සඳහා   අවශ්‍ය සහය ලබාදෙන  මෙන් මීගමුවේ සියලුම පාසල් විදුහල්පතිවරුන්ගේ  අවධානය පිනිස මෙය යොමු කර සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here